ප්‍රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ
චීන විප්ලවීය ඉතිහාසයේ තීරණාත්මක අවධියක ඊසානදිග චීනයේ විප්ලවීය රණ හඬ මැද අරගලයෙන් පන්නරය ලබනා චීන යොවුනන් පිරිසක ඇසුරින් දිගහැරෙන මේ නවකතාව විප්ලවයේ අසිරිය මෙන් ම එහි ඇති අභියෝග, දුෂ්කරතා, කැපකිරීම් මෙන් ම අහිමිවීම් පිළිබඳව සහ විප්ලවවාදීන්ගේ ජීව ගුණය ගැන ද කියවෙන නිර්මාණ කෘතියකි. සිය පළමු සාහිත්‍ය කාර්යය ලෙස සුසන්ත රංජන් ගමගේ ද රෙඩ් ස්පියර්’ කෘතිය තෝරා ගනුයේ සාධාරණ ලොවක් උදෙසා වන සිය හෘද සාක්ෂියේ ද පෙළඹවීම අනුව ය. විමුක්තිය පතා යුදවන් තාරුණ්‍යයක ලේ සහ කඳුළින් තෙත්ව ගිය රටක එහි එක් පරම්පරාවක් නියෝප්නය කරමින් අතිශය අසීරු කාලයකට මුහුණ දී අතිරික්ත කාලයකැයි කිවහැකි දිවියක් ගෙවන අතරේ ඔහු මේ නවකතාව අනුවර්තනය කිරීම මගින් ලෝක ඉතිහාසයේ එක් අසිරිමත් මෙන් ම තීරණාතමක යුගයක සාහිත්‍යයෙන් අංශුවක් අප පාඨකයන් වෙත ගෙන එයි.
ඔහු මේ අනුවර්තන යේ ලා දක්වන බුහුටිකම වඩා පොහොසත් එමෙන් ම ලෝකය වෙනස්කිරීමේ ලා තීරණාත්මක බලපෑම් කළ වෙනත් කෘති පරිවර්තනය දක්වා ද විහිදුවා ලනු ඇතැයි යන්න අපේ අපේක්ෂාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.