Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ප්‍රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

ප්‍රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

චීන විප්ලවීය ඉතිහාසයේ තීරණාත්මක අවධියක ඊසානදිග චීනයේ විප්ලවීය රණ හඬ මැද අරගලයෙන් පන්නරය ලබනා චීන යොවුනන් පිරිසක ඇසුරින් දිගහැරෙන මේ නවකතාව විප්ලවයේ අසිරිය මෙන් ම එහි ඇති අභියෝග, දුෂ්කරතා, කැපකිරීම් මෙන් ම අහිමිවීම් පිළිබඳව සහ විප්ලවවාදීන්ගේ ජීව ගුණය ගැන ද කියවෙන නිර්මාණ කෘතියකි. සිය පළමු සාහිත්‍ය කාර්යය ලෙස සුසන්ත රංජන් ගමගේ ද රෙඩ් ස්පියර්’ කෘතිය තෝරා ගනුයේ සාධාරණ ලොවක් උදෙසා වන සිය හෘද සාක්ෂියේ ද පෙළඹවීම අනුව ය. විමුක්තිය පතා යුදවන් තාරුණ්‍යයක ලේ සහ කඳුළින් තෙත්ව ගිය රටක එහි එක් පරම්පරාවක් නියෝප්නය කරමින් අතිශය අසීරු කාලයකට මුහුණ දී අතිරික්ත කාලයකැයි කිවහැකි දිවියක් ගෙවන අතරේ ඔහු මේ නවකතාව අනුවර්තනය කිරීම මගින් ලෝක ඉතිහාසයේ එක් අසිරිමත් මෙන් ම තීරණාතමක යුගයක සාහිත්‍යයෙන් අංශුවක් අප පාඨකයන් වෙත ගෙන එයි.

ඔහු මේ අනුවර්තන යේ ලා දක්වන බුහුටිකම වඩා පොහොසත් එමෙන් ම ලෝකය වෙනස්කිරීමේ ලා තීරණාත්මක බලපෑම් කළ වෙනත් කෘති පරිවර්තනය දක්වා ද විහිදුවා ලනු ඇතැයි යන්න අපේ අපේක්ෂාවයි.

ISBN
9786245762149
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.