ප්‍රියම්බිකා
එඩ්වඩ් මල්ලවආරච්චි මහතා සිය නවකතා දිව්ය ආරම්භ කරන්නේ "ප්‍රාර්ථනා” නවකතාවෙනි. එම පොත නිකුත් කර වසර පනහකට පසුව “ප්‍රියම්බිකා” එළි දකී.
එදා මෙදා තුර නවකතා 130කට අධික ප්‍රමාණයක් පාඨකයාට තිළිණ කර ඇත. ඒවා සිනමාවට මෙන්ම විශේෂයෙන් ටෙලිනාට්‍ය වලට පාදක වී ඇත.
මෙම නවකතා එකිනෙකට වෙනස් වූ තේමාවන් ඔස්සේ නිර්මාණය වුවත් සමාජයේ සියලු කොටස්වල ආකර්ෂණය දිනාගෙන ඇත.
"ප්‍රියම්බිකා” නවකතාව, අනිත් සියලු නවකතා වලට වඩා වෙනස් තේමාවක් ඔස්සේ ඉතිහාසය පිළිබඳ කරුණු දක්වයි. ඉතිහාසඥයින් හෝ ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ෂවයන්ගේ අවධානයට ලක් නොවූ කරුණු පිළිබඳව ප්‍රියම්බිකා වෙතින් සාකච්ඡා වෙයි.
ප්‍රාර්ථනා ප්‍රථම නවකතාව මෙන්ම "ප්‍රියම්බිකා” නවකතාව තුළින් ද නව යොවුන් ආදරය පිළිබඳව සාකච්ඡා වෙයි.
තවත් චිරාත් කාලයක් ලාංකේය රසකාමී පාඨක සිත් සනසාලන කෘතීන් එළිදැක්වීමට
එඩ්වඩ් මල්ලවආරච්චි ශූරීන්ට ශක්තිය ධෛර්ය ලැබේවා.
අනුරුද්ධ හේම බණ්ඩාර
බෞද්ධ කටයුතු කොමසාරිස්
මධ්‍යම පළාත
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.