පුංචි රාහුල හාමුදුරුවෝ

Special Price රු. 162.00 Regular Price රු. 180.00
In stock
SKU
punchi-rahula-hamuduruwo-ananda-nahimi-visidunu
පුංචි රාහුළ හාමුදුරුවෝ ‘පුතු නොවූවත් පුතු වූ දා සිට සෙනෙහසින් බුදු පියාණන් හට දිනෙන් දින ළං වී සිටින්නට ඔබෙන් නිසි සවි ලදිමි හැම විට රහල් පොඩි හාමුදුරුවෙනි මම ඔබ වගේ හැම උදාසනකම පතමි බුදු හිමි - දහම් උණුසුම එය යි මෙ සසර එක ම සැනැසුම’ මේ මහරු කවිය පැන නැගිය හැක්කේ සැබෑ ලෙස ම බුද්ධ පුත්‍රයකු වීමට වීර්යය වඩන, එහි දී ජන්මයෙන් ම බුදුන් වහන්සේ ගේ පුතණුවන් වූ රාහුළ පොඩි හාමුදුරුවන් ගේ චරිතය ආදර්ශයක් කොටගත් හදවතකින් ම ය. රාහුළ හාමුදුරුවන් ගැන ලියැවුණු පතපොත ඇතත් තවත් රචනයක් කරන්නට සිත් වූයේ ළමා පරපුරට එයින් වන මහඟු යහපත නිසා යැ යි ගත් කතුවර මහ නාහිමිපාණෝ පෙරවදනෙහි ලා පවසති. රසයෙන් පරිපූර්ණ කමනීය බස් වහරක් යොදාගනිමින් කරුණ රසයෙන් ළමා හදවත් මුදු - මොළොක් කර කීකරුකමේ හා ගුණ ගරුක බවේ ආදර්ශයන් යළි අත් නොහැරෙන සේ ඒ හදවත්වලට ඇතුළු කිරීමට මේ කෘතිය සමත් වනු නිසැකය. එ පමණක් නොවේ. බුදු රජාණන් වහන්සේ කරුණා භරිත හදින් කුඩා රාහුළ හිමියනට සලකන අයුරු, උපදෙස් දෙන අයුරු, උගන්වන අයුරු මෙහි ලා අප මහ නාහිමාපාණන් අතින් මනෝහර ලෙස සිතුවම් කෙරෙන්නේ සිය දරුවන් කෙරෙහි, සිය සිසුන් කෙරෙහි පැවැතිය යුතු ආකාරය පිළිබඳ ව ගුරු - දෙගුරුන් ද නැවත නැවතත් සිතීමට යොමු කරවමිනි. මේ අප සැම ගේ හදෙහි මෙත් කරුණා ගුණාංගයන් අමතමින්, මුළු මහත් සමාජය ම ‘බුදු හිමි - දහම් උණුසුම’ පතන සමාජයක් බවට පත් කරලීමේ ශක්‍යතාවෙන් යුත් මහාර්ඝ ළමා කෘතියකි.
Author ආනන්ද මහ නාහිමි - Ananda maha nahimi (1)
Publisher විසිදුනු ප්‍රකාශකයෝ - Wisidunu Prakashakayo (101)
More Information
ISBN 9789550955541
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පුංචි රාහුල හාමුදුරුවෝ
Back to Top