Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පුංචි රාහුල හාමුදුරුවෝ

පුංචි රාහුල හාමුදුරුවෝ

About this book
පුංචි රාහුළ හාමුදුරුවෝ ‘පුතු නොවූවත් පුතු වූ දා සිට සෙනෙහසින් බුදු පියාණන් හට දිනෙන් දින ළං වී සිටින්නට ඔබෙන් නිසි සවි ලදිමි හැම විට රහල් පොඩි හාමුදුරුවෙනි මම ඔබ වගේ හැම උදාසනකම පතමි බුදු හිමි - දහම් උණුසුම එය යි මෙ සසර එක ම සැනැසුම’ මේ මහරු කවිය පැන නැගිය හැක්කේ සැබෑ ලෙස ම බුද්ධ පුත්‍රයකු වීමට වීර්යය වඩන, එහි දී ජන්මයෙන් ම බුදුන් වහන්සේ ගේ පුතණුවන් වූ රාහුළ පොඩි හාමුදුරුවන් ගේ චරිතය ආදර්ශයක් කොටගත් හදවතකින් ම ය. රාහුළ හාමුදුරුවන් ගැන ලියැවුණු පතපොත ඇතත් තවත් රචනයක් කරන්නට සිත් වූයේ ළමා පරපුරට එයින් වන මහඟු යහපත නිසා යැ යි ගත් කතුවර මහ නාහිමිපාණෝ පෙරවදනෙහි ලා පවසති. රසයෙන් පරිපූර්ණ කමනීය බස් වහරක් යොදාගනිමින් කරුණ රසයෙන් ළමා හදවත් මුදු - මොළොක් කර කීකරුකමේ හා ගුණ ගරුක බවේ ආදර්ශයන් යළි අත් නොහැරෙන සේ ඒ හදවත්වලට ඇතුළු කිරීමට මේ කෘතිය සමත් වනු නිසැකය. එ පමණක් නොවේ. බුදු රජාණන් වහන්සේ කරුණා භරිත හදින් කුඩා රාහුළ හිමියනට සලකන අයුරු, උපදෙස් දෙන අයුරු, උගන්වන අයුරු මෙහි ලා අප මහ නාහිමාපාණන් අතින් මනෝහර ලෙස සිතුවම් කෙරෙන්නේ සිය දරුවන් කෙරෙහි, සිය සිසුන් කෙරෙහි පැවැතිය යුතු ආකාරය පිළිබඳ ව ගුරු - දෙගුරුන් ද නැවත නැවතත් සිතීමට යොමු කරවමිනි. මේ අප සැම ගේ හදෙහි මෙත් කරුණා ගුණාංගයන් අමතමින්, මුළු මහත් සමාජය ම ‘බුදු හිමි - දහම් උණුසුම’ පතන සමාජයක් බවට පත් කරලීමේ ශක්‍යතාවෙන් යුත් මහාර්ඝ ළමා කෘතියකි.
ISBN
9789550955541
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි රාහුල හාමුදුරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.