පුංචි යාළුවෝ
ළමා කතා තුළින් සම්මත ආකල්ප හා චර්යාවන්, ළමා වියේ දී ම වෙනස් කිරීමට ලොව පිළිගත් ළමා කතාකරුවෝ පෙළඹෙති. ලෝක සාහිත්‍යයේ පමණක් නොව අප ගේ ජන සාහිත්‍යයේ එන බොහෝ කතා හා ජන ගායනාවල ද මෙම ලක්ෂණ දැකිය හැකි ය.
"ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා" වැනි ළමා ගායනා නිර්මාණය කළ ජන කවියා ද බටහිර මනෝවිද්‍යාව හදාරා නො තිබුණ ද ළමා මනසට ගැළපෙන සංකල්ප ඉවෙන් හඳුනාගත් අයෙකි. 'ඇතින්නියා' දැකීමෙන් ළමුන් බිය වැද්දීම වෙනුවට අවසානයේ දී 'බබුට බයේ දුවන්නියා' යයි කීවේ එ බැවිනි.
අහස පොළොව, ගහ කොළ, ගංගා ඇල දොළ, වනාන්තර යන මේ සියල්ලෙන් සැදි අපේ පරිසරය, මිනිසුන්ට මෙන් ම සතා සීපාවන්ට ද අයත් ය.
පරිසරය විනාශවීම නිසා මිනිසාට පමණක් නොව සතුන්ට ද මුහුණ දීමට සිදු වී ඇති විපත්තිය මැදහත් සිතින් බැලීමට ළමුන් පොළඹවන 'පුංචි යාළුවෝ' නම්ති මෙම ළමා කතාව උසස් ළමා කතා, යොවුන් නවකතා, නවකතා හා කෙටිකතා මෙන් ම නාට්‍ය රැසක් ද මෙ රට බුද්ධිමත් පාඨකයන්ට දායාද කළ රාජ්‍ය සම්මාන ලාභී ලේඛක රන්ජිත් ධර්මකීර්ති ගේ නිර්මාණයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.