රන් මාළුවෝ
පුරා වසර විසි පහකට අධික කාලයක් තිස්සේ ස්වතන්ත්‍ර නාට්‍ය, නව කතා, කෙටි කතා හා යොවුන් සාහිත්‍ය කෘති ලියා පළ කළ මා, ඔස්කා වයිල්ඩ් ගේ ප්‍රකට ළමා කතා ඇතුළත් ‘ප්‍රීතිමත් කුමාරයා සහ තරුණ රජතුමා’, ඒන්ජල් කරලිචෙව් ගේ ‘මිදි ගෙඩියේ කතන්දරය’ හා ‘මවක ගේ කඳුළක්’ යන පරිවර්තන කෘති හැරෙන්නට ස්වතන්ත්‍ර ළමා කතා ලිවීමට යොමු නො වූයේ එය වගකිවයුතු දුෂ්කර කාර්යක් බැවිනි.
එ නමුදු වර්තමානයේ ටොන් ගණනින් බිහිවන ළමා මනසට කිසිසේත් ම නො ගැලපෙන සිංහල ළමා කතා කියවා බැලූ විට ස්වතන්ත්‍ර ළමා කතා කිහිපයක් හෝ ලිවීම මෙම ක්ෂේත්‍රයට වැඩදායක වනු ඇතැයි සිතු බැවිනි. ‘දැනමුතු මාමා කී කතා’ ළමා කතා පෙළ ද ‘පුංචි යාළුවෝ’ නැමති ස්වතන්ත්‍ර ළමා කතාව ද ‘රන් මාළුවෝ’ නැමති මෙම කතාව ද ළමා පරපුරට පිරිනැමීමට සිතුවෙමි.
සරල රසවත් කතාවක් කියවා සංවේදී හදක් ඇතිකර ගන්නා අතර ම මෙම ළමා කතාවේ එන චරිතවල හැසිරීම තුළින් යහපත් ගුණධර්ම පිරීමටත්, තම ආකල්ප හා චර්යාවන් වෙනස් කර ගැනීමටත්, එ මෙන් ම, වර්තමාන සිසු පරපුරට අත්‍යවශ්‍ය වන්නා වූ ලෝකය හා පරිසරය ගැන දැනුමක් ලබා ගැනීමටත් මෙම ළමා කතා පිටුවහලක් වෙතොත් එය අප ගේ සතුටට ම හේතු වන්නේ ය.
රංජිත් ධර්මකීර්ති
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.