Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පුංචි කුරුල්ලා

පුංචි කුරුල්ලා

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ලියෝ තෝල්ස්තෝයිගේ ළමා කතාවක්
පුංචි කුරුල්ලා
පරිවර්තනය රන්ජිත් ධර්මකීර්ති

රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයි (1828-1910) ළමුන් සඳහා අගනා කථා රැසක් ම ලියා ඇත. එම කතා අතුරින් ''පුංචි කුරුල්ලා'' යන පුංචි කතාව මෙම පොතට ඇතුළත් වේ.

මෙම කතාව තුළින් තෝල්ස්තෝයි ළමුන් ගේ සිත් ඇදගන්නා කතාවක් කියන අතර ම වැඩිහිටියන්ටත් ළමුන්ටත් එම කතාව තුළින් අපූරු පාඩමක් කියා දෙයි. ළමුන්ට තෑග්ගක් දෙන විට වැඩිහිටියන් ළමයකුට ගැළපෙන තෑග්ගක් තෝරා ගැනීමට පරිස්සම් විය යුතු යි. ඒ වාගේ ම ළමයින් අම්මා තාත්තාට කීකරු වී ඔවුන් කියන දේට සවන් දිය යුතු යි. අම්මා එපා කියද්දී සේර්යෝසා කුරුල්ලෙකු අල්ලා කූඩුවක දමා ඇති දැඩි කිරීමට යාමෙන් ඔහුගේ හිතේ ඇති වූ දුකට වගකිව යුත්තේ ඔහුගේ හිතුක්කාරකම නො වේ ද?

කුඩා කල දී මෙ වැනි ළමා කතා කියැවීමෙන් ළමුන් ගේ ආකල්ප හා චර්යාවන් වෙනස් කළ හැකි බවට තෝල්ස්තෝයි ගේ මෙම කතාව හොඳ නිදසුනකි.

ISBN
9789551300586
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි කුරුල්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.