යහළුවෝ දෙදෙනා සහ මුහුදු ළිහිණියා
රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි (1828-1910) ලියූ පුංචි ළමා කථා දෙකක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
මින්, 'යහළුවෝ දෙදෙනා' නමැති කථාව ලාංකික අපට ඉතා හුරුපුරුදු ය. දැනට වැඩිහිටි වියේ පසුවන බොහෝ දෙනෙකු ඔවුන් බාල වියේදී 'කුමාරෝදය' නමැති හෝඩියේ පොතේ අන්තිම පිටුවේ පළවූ කැලයක් මැදින් මිතුරන් දෙදෙනෙකු ගමනක් යන අතරේ වලසකු මුණගැසුණු කථාව මතක තිබෙනු නිසැක ය. සැබෑ මිතුරකු සැමදාම සැපේදී මෙන් ම දුකේදීත් එකට සිටිය යුතුය යන පණිවිඩය එම කථාවෙන් කුඩා කලදීම ළමා මනසට පිවිසෙන්නට ඇත.
'මුහුදු ළිහිණියා' කථාව කුරුලු මවක් තුළ පවතින දරු සෙනෙහෙස, දරුවන්ගේ බඩගින්න, දුක, වේදනාව මෙන් ම කුරිරු මිනිසුන්ගෙන් අහිංසක කුරුලු පවුලට පැමිණෙන හිරිහැරය ගැන කියයි. කුරුලු අම්මා ඉතා වෙහෙස වී තම දරුපැටවුන්ගේ කෑම වේල සොයාගෙන එන සැටිත් නපුරු, කුරිරු, කම්මැලි මිනිසුන් එය උදුරා ගන්නා සැටිත් කියවෙන මෙම කථාව තුළින් ළමා සිතේ සංවේදී බවත් සතුන් කෙරෙහි දයාවත් ඇති කරයි; වැරදි දේ නොකර සිටීමට ළමුන් පොළඹවයි. කථා රසය විඳින අතර ම ළමුන්ගේ ආකල්ප නිවැරදි කිරීමට ලේඛකයා ලබාදෙන පණිවිඩය හොඳ ළමා කථාවක තිබිය යුතු ලක්ෂණයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.