මිදි ගෙඩියේ කතන්දරය
වීරත්වය, ගුණ ධර්ම වැනි ආකල්ප කුඩා දරුවන් තුළ රෝපණය කරන අතර ම, කුඩා ළමුන් ගේ හදවත් තුළ හුදු කුතුහලයෙන් තොර වූ රස පරිවයක් ද ඇති කොට ඔවුන් මුදු මොළොක් හදවත් ඇත්තන් බවට පත් කිරීමට මෙම බල්ගේරියානු ළමා කතාකරුවා උත්සාහ ගෙන ඇත.
විශ්ව සාහිත්‍යයේ එන මෙ වැනි වැදගත් කතා අතුරින් එකක් දෙකක් අපේ ළමා පරපුරට හඳුන්වා දීම වැදගත් යයි සිතුණේ එ බැවිනි. මෙම පොතේ එන බල්ගේරියානු ළමා කතා විශේෂඥ ඒන්ජල් කරලිචෙෆ් ලියූ 'මිදි ගෙඩියේ කතන්දරය' ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා කියවා රස විඳිය හැකි කතා පිංචකැයි සිතේ.
ළමුන් සඳහා කතා ලිවීම පරිණත, වැඩිහිටි ලේඛකයන්ට අයත් කාර්යයක් වන්නා සේ ම ළමුන් සඳහා හොඳ පොත් තෝරා දීම ගුරුවර දෙමව්පියන්ට පැවරෙන පරම වගකීමක් බව ද අමතක කළ යුතු නො වේ. මෙ වැනි ම තවත් ළමා කතාවක් 'මවක ගේ කඳුළක්' නමින් පළ කොට ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.