පූස් ගෙදර ළමයි
අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්.... ශරීර චලනයන්ගේ භාෂාව... ඔවුන්ටම ආවේණික හඬනැගීම්... වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත්වේවි.
අපේ මේ සුරතලුන්ගෙ හැඟිම් ගැන අපි දන්නෙ මොනවද? ඒ අයට අපිත් එක්ක තියන බැඳීම මොන වගේද? සමහර වෙලාවට අපේ ළඟම යාළුවන් නැදෑයන් සහෝදර සහෝදරියන්ටත් වඩා අපි ජීවිතේ බෙදා ගන්නේ මේ සුරතලුන් එක්ක නේද? මේ කතාව පුරා ඒ සතුන්ගේ ලෝකෙ එයාලගෙම ''පූස් ඇසකින්'' , ''බලු ඇසකින්'' , ''කුරුලු ඇසකින්'' බලන්න උත්සහා කරන්නෙ හරිම සුරතල් විදිහට.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.