Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / රට බෙඳුණු හැටි සහ යුග පෙරළියක සටහන්

රට බෙඳුණු හැටි සහ යුග පෙරළියක සටහන්

About this book

රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම උදෙසා දේශපාලන වශයෙන් සාකච්ඡා පැවැත්වෙන නමුත් එයට බලපෑ මූලික හේතුව වන දෙමළ ප්‍රශ්නය බොරු ප්‍රලාපයක් ලෙසින් දැක්වීමක් දක්නට නොමැත. 1833 පමණ සිට බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට ආදේශ කළ නීති සහ ආණ්ඩුක්‍රමයන් තුළ සිංහල ජනතාවට එරෙහි දෙමළ ප්‍රශ්නය වර්ධනය වූ ආකාරය බරපතල ලෙසට සාකච්ඡා කෙරී නැත. එයට හේතුව ඉතිහාසය මත පදනම් වූ සබුද්ධික දේශපාලන සංවාදයක් සිංහල උගතුන් විසින් ආරම්භ නොකිරීමයි. ඒ වෙනුවට ඊනියා දෙමළ පාලනයක් උතුරේ පැවති බවට ව්‍යාජ සාක්ෂි ප්‍රකාශ කළ දෙමළ උගතුන් හට එකඟ වීම පමණක් සිදු වී ඇත. නිදහසින් පසුව මෙම මතය දේශපාලනඥයන් විසින් හිස මුදුනින් පිළිගෙන රටේ තීන්දු තීරණ ගැනීමේදී යොදා ගෙන තිබේ. අවාසනාවකට ඉන්දු ලංකා ගිවිසුම සකස්ව ඇත්තේ මෙම ව්‍යාජ මතවාදය ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙනයි. 1987 පළාත් සභා ක්‍රමය මගින් වාර්ගික වශයෙන් රට බෙදීම ව්‍යවස්ථානුකූල කෙරුණි. වර්තමාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ මූලික බලාපොරොත්තුව එයින් ඔබ්බට උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ සහ මුස්ලිම් ස්වයං පාලන කලාප බවට පත් කිරීමයි. මෙම බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ සිංහල රජුගේ රාජකීය කොඩිය විකෘති කොට වාර්ගික සංකල්පය මත පටි ගැසීම මගිනි. මෙම ක්‍රියාවලිය දෙස විමර්ශනාත්මකව බැලීමත් යටත් විජිත යුගයේ සිට රටේ සමාජ ප්‍රතිසංස්කරණයත් දේශපාලනයෙත් දක්නට ලැබුණු ප්‍රධාන මාතෘකා පිළිබඳව නැවත තියාබැලීමක්ද මෙම කෘතියේ අඩංගු වෙයි.

ISBN
9789555478045
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රට බෙඳුණු හැටි සහ යුග පෙරළියක සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.