Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / රේගු පුරාණය

රේගු පුරාණය

About this book

රේගුවේ ආරම්භය සහ විකාශය, එහි වැදගත්කම හා ආර්ථිකය කෙරෙහි වූ බලපෑම ආදිය පිළිබඳ සිත්ගන්නාසුළු තොරතුරු

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපළ කළ ප්‍රවීන ලේඛකයෙකි.  

වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත් හිමි කර ගෙන ඇත. මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනසූරි උපාධිය හදාරමින් සිටියි. 

හෙතෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සමත්ව, 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් ලෙස දිව්රුම් දී ඇති අතර, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් හා දිව්රුම් කොමසාරිස්වරයෙක් ලෙස ද කටයුතු කරයි. වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක් ලෙස ශ්‍රී ලංකා රේගුවට බැඳි රේගු අධිකාරිවරයෙක් සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක් හා රේගු අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර, මේ වන විට එහිම නීති බලාත්මක අංශයේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි. එසේම අවුරුදු තුනක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ හෙතෙම පුවත් පත් ගණනාවකට විවිධ මාතෘකා ඔස්සේ ලිපි සපයන අතර ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පළ කරනු ලබන ප්‍රවර්තන සඟරාවේ සංස්කාරකවරයා ද වෙයි.

Details
ISBN
9789558425834
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රේගු පුරාණය

Reviews are published once a member of our team has read them.