මත්ද්‍රව්‍ය ප්‍රවාහනය
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ විවිධාකාරයේ පොත් පත් ලියැවී ඇතත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව හා එය සිදුවන ආකාරය පිළිබඳව බොහෝ දෙනා නොදනිති. මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී කතා කෙරුණ ද, ග්‍රන්ථයක් වශයෙන් මෙවැන්නක් ජනතාව අතරට මෙතෙක් පත්වී නොමැත.
මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වළකාලීමේ එක් පියවරක් වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳව වටහා ගැනීම විශේෂ අවශ්‍යතාවයකි. එනිසා එවන් භාරදූර කර්තව්‍යයක් ඉටුකිරීමේ අවශ්‍යතාවය කතුවරයා වටහා ගත් බව මෙම ග්‍රන්ථයෙන් සනාථ වේ.
එහි ශාස්ත්‍රීය වටිනාකම ද, ආනුභාවික සාධක ඔස්සේ විවිධ විශ්ලේෂණයන් ද කර තිබීමෙන් ග්‍රන්ථයේ වටිනාකම මොනවට එළි දැක්වී ඇත.
එහෙයින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වශයෙන් ද, පාඨක ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍යයක් වශයෙන් ද, රටේ අපරාධ නිවාරණය කිරීමේ පියවරක් වශයෙන් ද, මින් ලැබෙන දැනුම ඉතා වැදගත් වන අතර, කතුවරයා ගේ මේ ප්‍රයත්නය වත්මන් සමාජයට ඉටු කරන මහඟු සේවයක් වශයෙන් මම අගය කරමි.
ආචාර්ය එම්. සී. ස්වර්ණලතා පෙරේරා
අංශ ප්‍රධාන,
සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.