රුකී
"රුක්මල් ...ඉන්නවද..."
කෝමල හඬින් දුරකතනයෙන් ඇසුණු ගීතවත් කටහඬ රුකී සැනෙකින් හඳුනා ගත්තේය. ඔහු ආච්චී මම්මාට අතක් වනා වහා කාමරයෙන් පිටවිය.
̈මහත්තයා නෑනේ...” රුකී කටහඬ වෙනස් කරමින් කතා කළේය.
”නෑ....”
"ඔව්... මහත්තයා නෑ... මේ කතා කරන නෝනා කවුද..?”
"අ...නේ... මං නෝනා කෙනෙක් නෙමෙයි... රුක්මාල් අඳුනන කෙනෙක්...”
"හරි...හරි.... අඳුනන අය තමයි කතා කරන්නේ... ඔය නෝනගෙ නම මොකක්ද...?"
"මං......මං.... ගුවනි......''
"මහත්තයා කතා කරොත් මං කියන්නම්...”
''කතා කරොත් කියන්නෙ ඕක රුක්මල්ගෙ ෆෝන් එක නෙමෙයිද?” ගුවනි ඇසුවේ නොඉවසිල්ලෙනි.
“මහත්තයගෙ තමයි... දැන් තියෙන්නෙ මගේ ළඟ... මහත්තයා හදිස්සියෙම රට ගියානේ...”
"රට ගියා....?"
ගුවනි ඇසුවේ විශ්මයෙනි.
ඔහු රට යන බවක් තමාට නිකමට වත් කීවේ නැත. එහෙත් ඉතිං එසේ කියා යාමට තරම් තමාත්, ඔහුන් අතර ඇති සම්බන්ධතාවය හෝ බැඳීම කුමක් දැයි ඇය සිතුවේ ලතැවිල්ලෙනි...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.