රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය
‛රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය’ ග්‍රන්ථයේ කතුවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයෙන් සිය විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සමාජ විද්‍යාපති උපාධිය නිමකරමින් සිටියි. ඔහු රූපවාහිනී ආයතන කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කර ඇති අතර, දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරයි.
සිය ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික දැනුම මුසු කරමින් රචනාකොට ඇති මෙම ග්‍රන්ථය වත්මන් හා මතු සිසු පරපුරට අත්පොතක් වනු ඇත. කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව භාවිත කළ හැකි අන්දම සරල රචනා ශෛලියකින් ඔහු ඉදිරිපත් කොට තිබේ. මෙම ග්‍රන්ථය වර්තමානයත් අනාගතයත් යා කෙරෙන පාලමක් වැන්න.
මහාචාර්ය අජන්තා හපුආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.