රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය

Special Price රු. 1,035.00 Regular Price රු. 1,150.00
Out of stock
SKU
rusiyanu-shokanthaya-alexander-jayarathne-sameera
Author සමීර පොතක් - Sameera Pothak (16), Alexander Zinovyev (1)
මේ සොවියට් දේශය බිඳ වැටිමේ කතාන්දරයයි. සෝවියට් දේශය බිඳ වැටුනේ ඇයි? එය යළි ස්ථාපනය කළ නොහැකිද? මේ තවමත් ලෝකවාසී ජනතාව තුඩ තුඩ නිබඳ රැව් දෙන, නිසි පිළිතුරු නොලැබුනු ප්‍රශ්න දෙකකි. මේ රුසියානු ශෝකාන්තය ඒවාට පිළිතුරු සපයයි. මෙය නව ආරයක නවකතාවකි. හෙවත් සමාජ අටුවාමය නවකතාවකි. එසේ වුවද මෙය සාම්ප්‍රදායික අර්ථයෙන් නවකතාවක් නොවේ. සමාජ විද්‍යාත්මක ගවේෂණයකි. සෝවියට් දේශය බිහිවීම. එහි දිවිමග හා බිඳ වැටීම සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් මෙහි විස්තර කෙරේ. ලෙනින්, ස්තාලින්, ක්රූෂොෆ්, බ්‍රෙෂ්නෙෆ්, ගර්බචොෆ් හා පුතින් ආදි සියලු නායකයින්ගේ පාලනයක් ගැන වැදගත් කරුණු ඇතුලත් කැමින් නිර්මාණය කොට ඇති මෙම නවකතාව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කවරෙකුගේ වුවද සිත් ගන්නවාට සැක නැත.
Back to Top