ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

Special Price රු. 1,912.50 Regular Price රු. 2,250.00
In stock
SKU
lankawe-pruthugisi-yugaya-premachandra-alvis-sooriya

පෝල් ඊ පීරිස් විද්වතානන් විසින් CEYLON – the Portuguese Era යනුවෙන් ඉංග්‍රීසියෙන් රචිත ග්‍රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූර්න් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප්‍රකාශයට පත් කරන ලදී. සම්මානලාභී පර්වර්තක ප්‍රේමචන්ද අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග්‍රන්ථයේ දෙවැනි කණ්ඩය සහ මෙසේ ඉදිරිපත් කරමු. 

වර්ෂ 525 දී අපරටට කඩා වැදුණු පෘතුගීසින් මීගමුවේ සිට ගාල්ල දක්වා මුදුබඩ ප්‍රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත්‍යය පිහිටුවා බැවීමෙන් පසු එම ප්‍රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාළනය පිළිබඳ අතිශය ඛේද ජනක කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝද යත්, සිංහල මවුවරුන් අතේ සිටි බිළිඳුන් පැහැර ගෙන ගල්රෝළවලට වීසි කොට “තොපගේ පැටවුන් තලප වන හැටි බලා හිඳ ඉන් පසු තොප ද මැරියවු” යනුවෙන් පවසමින් ඒ බිළිඳුන් හා මවුවරුන් ඝාතනය කළහ. පෘතුගීසින්ගේ අන්ත අමානුෂිකත්වය පිළිබඳ තවත් එවැනි උදාහරණ කීපයක්ම මෙම කෘතියෙහි ඇතුළත්ය.

Author ප්‍රේමචන්ද්‍ර අල්විස් - Premachandra Alwis (9)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (443)
More Information
ISBN 9789556563900
පිටු ගණන 508
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය
Back to Top