තීන්ත නදිය
දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක්‍රම රජතුමන්ගේ රාජකීය
කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි.
එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කිරීමත් සමඟම ඔහුගේ ජීවිතය
ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු
වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව්‍යයක් දෙමළ
බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන
කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය.
එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය
අතර ඉරණම් සහගත ත්‍රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි.
එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය.
මේ අතරේ අසංක රජ මැදුරේ සේවය කරන දෙමළ සේවිකාවකට ආදරය කරන්නේය.
එය තවත් මහා වියවුල් රැසක ඇරඹුමක් වන්නේ ය.
සිංහල, දෙමළ සහ සංස්කෘත යන භාෂා සාහිත්‍ය කලාවන් එක් කර ගනිමින්,
ලාංකීය සංස්කෘතිය සහ ඉතිහාසය යන මේ සෑම අංශයක්ම කැටි කොට
ප්‍රේමය, ත්‍රාසය, භීතිය හා කුතුහලය එක සේ ඉස්මතු කරමින් මේ සා රසවත්,
මේ සා විශිෂ්ටව සහ මේ සා මහත් වූ කම්පනයක් ඇති කරමින් ලියැවුණු වෙනත්
ඓතිහාසික නවකතාවක් මෑත කාලයේ දී සිංහල සාහිත්‍යෙය් බිහි නොවූ තරම්ය.
බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ
River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට
ලක් වූ කෘතියකි. කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකීය
ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලෝකයාටම නිරාවරණය කළ
ඒ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය.
-
තීන්ත නදියමහා කවි අසංකයන් දන්නා සියල්ල කවි ය...... කුඩා ගම්මානයකින් ජීවිතය අරබා ඔහු පොළොන්නරු රාජධානියේ රාජකීය
කිවිදානන් බවට පත්ව, රාජ සභිකයන්ගේ ගුණ වයමින්, ආදර බර පද රචනා පබදමින් හේ පැරකුම් රජුගේ විශ්වාසනියම රාජ සභිකය බවට පත්ව සිටී. එහෙත් බලවත් හමුදාවක් සහිත කුරිරු කුමාරයෙකු වන කාලිංග මාගා ලංකාවේ වෙරළට පැමිණෙන විට මහා කවි අසංකයන්ගේ ලෝකය සිතාගත නොහැකි තරම් වෙනස් වීමට ලක්වේ. ප්‍රචණ්ඩකාරී සහ ආඩම්බරකාරී මාගා සිංහාසනය උදුරාගෙන, තමා වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් විනාශ කරයි. ඔහුගේ භයානක පාලනය යටතේ, නගරයේ කිසිවකු කිසිවක් අත නොතැබූ අතර, සෙසු පුරවැසියන් මෙන්, අසංකයන්ද සිය දිවි බේරා ගැනීමට පසුබෑ මොහොතේ මාගයන් තුල වූ කවි වලට ඇති ඇල්ම නිසා අසංකයන් සිය ජිවිතය බේරා ගැනීමට තරම් වාසනාවන්ත වෙයි. නමුත් ඉන් පසු ඔහු මුහුණ දෙන්නේ අනපේක්ෂිත තත්ත්වයකටය. මාගයන් සංස්කෘත කාව්‍යයක් දෙමළ බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට පැවරන්නේය. මේ පරිවර්තන කාර්යයයේදී එම කෘතියට වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. එය අසංකගේ පමණක් නොව සමස්ත රාජ්‍යයේම ඉරණම තීන්දු කරන්නේය. ඉතිහාසයේ එකී ඓතිහාසික මාවතක අපව අතරමන් කරවනා විශිෂ්ට නවකතාවකි. ආදරය වෛරය කැටිකොටගත් අපුරු ගවේෂණයකි.