Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සලාම් ෂලෝම්

සලාම් ෂලෝම්

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

ලොව සියලුම ආගම් බිහි වී ඇත්තේ දැහැමියාව තුළින් මිනිසාගේ මනුෂ්‍යත්වය ඔසවා තබන්නටයි. ප්‍රේමය, ආදරය, කරුණාව, මෛත්‍රීය, සමාවදීම, සමාදානය, එකමුතුකම වැනි මානුෂීය ගුණාංග සෑම දහමක පදනම වේ. අන්තවාදී, මූලධර්මවාදී අදහස්වලට ඉඩ නොතබා මෙය අවබෝධ කරගැනීමෙන් වඩා යහපත් වූ සාමකාමී ලොවක් බිහි කරගන්නට අපට හැකි වේ.

තම තමන් අදහන ආගම තුළ ඇදහිල්ලේ දිවි පෙවතක් ගත කරමින් අනෙකුත් ආගමික සහෝදරයාව ද ප්‍රේමයෙන් පිළිගැනීම සියලුම ආගම්වල ඉගැන්වීම වේ 'සලාම් ෂලෝම්' පොතෙහි කතුවරයා ද මෙම පණිවිඩය ප්‍රමුඛත්වෙහි ලා සළකමින් කිතුනු දහම හා ඉස්ලාම් දහම තුළ පවතින්නාවු සමානතා ඉදිරිපත් කරමින් අපව දිරිගන්වන්නේ විවිධ මතවාදයන් පසෙකලා සංවාදය තුළ අප සියලු දෙනා එක්විය යුතු බවයි. එය වර්තමාන ලෝකයට කරන වටිනා ඇරයුමක්. මෙම පොත ලිවීමෙන් ඔහුගේ අරමුණ ඉටුවී ඇති බව මාගේ හැඟීමයි.

'සලාම්’ 'ෂලෝම්’ යන්නෙහි අර්ථය තුළ ගැබ්වන 'ඇතුලාන්ත සාමය’ සියලුම ජනයාගේ හදවත් තුළ ජනිත කරවමින් වඩා යහපත් වු ලෝකයක් බිහි කිරීම විවිධ වූ ආගම් අදහන සියලුම දෙනාගේ වගකීම හා යුතුකම බව පසක් කර දෙමින් මෙම පොත ලිවීමේ අරමුණ සාක්ෂාත් වේවායිද, කතුවරයාගේ ඉදිරි ලේඛක කාර්යයන් සර්වප්‍රකාරයෙන් සඵල වේවායිද ප්‍රාර්ථනා කරමින් ඔහුගේ ඉදිරි ගමනට සුභාශිංසණ පිරිනමමි.

ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණන්

බදුල්ල පදවිය

වතිකානයේ අන්තර් ආගමික සංවාදය පිළිබඳ සංසදයේ සාමාජික

ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ අන්තර් ආගමික කටයුතු පිළිබඳ කොමිසමේ සභාපති

 

ISBN
9786242103891
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සලාම් ෂලෝම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.