ලුහු යැදුම්
දාර්ශනික ක්‍රිස්තියානියේ සමකාලීන නිමේෂය
හයිකුව පැන නැගෙන්නේ ම බෞද්ධ භික්ෂූන්ගේ දාර්ශනික ජීවන ප්‍රකාශනයන් ලෙසින් ය. තමාගෙන් බාහිර අවකාශයේ චලනමය නිමේෂයන්ගේ හා අභ්‍යන්තර ධ්‍යානගත නිමේෂයන්ගේ ඒකාබද්ධතාව තුළ පැනෙන දාර්ශනික නිමේෂ, හයිකු කවි ලෙස නම් කරන්නට මා කැමැති ය. හයිකුවකට අදාළ සාහිත්‍යයික තාක්ෂණික කාරණා රැසකි. ඒවා එසේ තිබියදී වුව හයිකුවක වරනැඟනසුළු ගැඹුරුත, සසලවීම පවතින්නේ, කවර විචාර, විග්‍රහ, විනිශ්චයකට වුව අල්ලා ගත නො හෙන අයුරින් එහි, වැතිර් පැතිරී පවත්නා, මා පෙර කී, දාර්ශනික නිමේෂය තුළ ය. එය, හයිකු මොහොත නොවේ. දාර්ශනික මොහොත ය.
එවන් මොහොතක් අල්ලා ගත හැකි වන්නේ ගැඹුරු ජීවිතයක් අත්විඳි දිවැසිවර මනසකට පමණක් ම බව මම අදහමි. දිවැසිවරයා යනු සමාජ පරාවර්ථනයේ පෙරගමන්කරුවා ය. හෙතෙම, යුක්තිය වෙනුවෙන්, සමානාත්මතාව වෙනුවෙන්, ප්‍රේමය වෙනුවෙන් අනවරත සිහින දකින්නෙකි; එකී සිහින වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින්නෙකි. මහින්ද නාමල් නම් වන මා චිරකාලීන මිත්‍රවරයා එවන් දිවැසිවරයකු බව මම නො පැකිලවැ පවසමි. ඉදින්, චැබැවින් ඔවුන්ගේ ‛කිතුනු හයිකු’ යනු දාර්ශනික ක්‍රිස්තියානියේ සමකාලීන දාර්ශනික නිමේශයන් බව අවධාරණය කරමි.
මංජුල වෙඩිවර්ධන
ඇන්සි, ෆ්‍රන්සය
2023 ජනේරු 10
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.