Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය

About this book

ඉතිබිසෝ ජාතක කාව්‍යය ක්‍රි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද්‍යය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැකි ය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත්, බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකගත හැකි එකම කථා පුවත වීමත් ය. සෙංකඩගන යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ කථා බහේ දී සුවිශේෂී ව කියැවුණ ද මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිට ව නොතිබීම නිසා විද්‍යාර්ථීන්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොලැබුණි.

ජාතක පොතෙහි නොමැති මෙම කථා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මන:කල්පිත ව පබඳින ලද්දක් ද? නොඑසේ නම් මෙහි ප්‍රභවය හා විකාශනය කෙසේ සිදු වී ද? මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ හියු නෙවිල් එකතුවේ හා බ්‍රිතාන්‍යයේ වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිත කරමින් පිළියෙළ කළ ශාස්ත්‍රීය සංස්කරණයකින් ද ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකින් ද සමන්විත මෙම පර්යේෂණ කෘතිය සිංහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ නොදුටු පැතිකඩක් පාඨකයාට විවර කරයි.

Details
ISBN
9789556566123
පිටු ගණන (Pages)
285
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
පාළි සිංහල මහා පරිනිබ්බාන සුත්රය පාළි සිංහල මහා පරිනිබ්බාන සුත්රය ගෝනදෙණියේ විමලජෝති හිමි රු. 800.00 වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය සිරි තිලකසිරි රු. 3,150.00 ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 810.00 කේශ ධාතු විස්තරය කේශ ධාතු විස්තරය ගයාන් චානුක විදානපතිරණ රු. 225.00 බුලත්ගම ධම්මාලංකාර ශ්රී සුමනතිස්ස මහා ස්වාමීන්ද්ර චරිතය බුලත්ගම ධම්මාලංකාර ශ්රී සුමනතිස්ස මහා ස්වාමීන්ද්ර චරිතය ගයාන් චානුක විදානපතිරණ රු. 315.00 පූජ්ය ආචාර්ය මන් භූරිදත්ත තෙරණුවෝ පූජ්ය ආචාර්ය මන් භූරිදත්ත තෙරණුවෝ තිලක කුඩාහෙට්ටි රු. 522.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.