Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / කේශ ධාතු විස්තරය

කේශ ධාතු විස්තරය

About this book

“කේශ ධාතු විස්තරය” නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි.

ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය (මියෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ්වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය.

බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින එක ම රට ථෙරවාදී බුදු දහමේ කේන්‍ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාව යි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත.

කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්‍රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ “කේශ ධාතුවංශය” යන නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබී ඇත ත් අද එය දක්නට නැති අප්‍රකට, දුර්ලභ ග්‍රන්ථයකි. “කේශධාතුවංශය” යන නමින් ප්‍රකට කුඩා පාලි ග්‍රන්ථයක් ඇත ත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත.

කරුණු මෙසේ පවතින බැවින් “කේශ ධාතු විස්තරය” නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැ’යි සිතමි.

ISBN
9789555519045
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කේශ ධාතු විස්තරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.