ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව
ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව
ගයාන් චානුක විදානපතිරණ
“ත්‍රිපිටක ධර්මය අර්ථකථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබඳ හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග්‍රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාන් චානුක විදානපතිරණ මහත්මයා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග්‍රන්ථයෙහි අගය, වටිනාකම අසීමිත ය.
වසර ගණනාවක් තිස්සේ බෝධි පූජා පින්කම් බහුල ව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ බෞද්ධයන් හට බෝධීන් වහන්සේ ගැන සම්පූර්ණ විස්තර විවරණයක් මෙයින් ලැබෙන බැවිනි. බොහෝ දෙනා නොදන්නා වූ අප්‍රකට තොරතුරු රැසක් මහි දැක්වෙන බැවින් සියලු බෞද්ධයින් විසින් මෙය කියවා බෝධීන් වහන්සේ ගැන මනා අවබෝධයක් ලබා ගත යුතු ම ය.
ඉමහත් පරිශ්‍රමයකින් අවශ්‍ය තොරතුරු ගවේෂණය කොට බෞද්ධ ලෝකයාට අතිශයින් ප්‍රයෝජනවත් වන ‘ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව’ නම් වූ මෙම දහම් පොත සම්පාදනය කළ සත්ගුණවත් ගයාන් චානුක විදානපතිරණ මහත්මාණන් හට රත්නත්‍රයානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් ව විංශත් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අත්වේවා! තව තවත් සාරවත් ධර්ම ග්‍රන්ථ සම්පාදනයට ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය සිය දහස් ගුණයෙන් අභිවර්ධනය වේවා!”
නාඋයනේ අරියධම්ම මහා ස්ථවිර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.