Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

About this book

සිළුමිණි මහා සෑය මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව්‍ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන්‍ද්‍රනීල මැණික්වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් ‘චූළාමණි චේතිය’ යනුවෙන් කියනු ලැබේ.

සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්‍වයන් වහන්සේ ගේ කේශ ධාතුත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළ යි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළ යි. ඒත් පසුව මේ ධාතූන් වහන්සේ ලක්දිවට ලැබුණි.

සිළුමිණි මහා සෑය මෙන් ම සළුමිණි මහා සෑය ද මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ බ්‍රහ්ම ලෝකයේ ය. ඝටීකාර බ්‍රහ්ම රාජයා විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගිහිගෙයින් නික්මෙන කල්හි හැඳ සිටි වස්ත්‍ර යුගල තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සළුමිණි මහා සෑයේ උස යොදුන් දොළොසකි. සළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් ‘දුස්ස චේතිය’ යනුවෙන් කියනු ලැබේ. සර්වඥයන් වහන්සේ ගේ වම් අකු ධාතුව තැන්පත් ව ඇත්තේ ද සළුමිණි මහා සෑය තුළ යි. 

මේ සියලු කරුණු සලකා බැලීමේ දී තව්තිසා දෙව්ලොව සිළුමිණි මහා සෑයේ ත් බඹලොව සළුමිණි මහා සෑයේ ත් ඇති පූජනීයත්‍වය මෙන් ම වටිනාකම මොන තරම් මහත් දැ'යි කියා පැහැදිලි ව පෙනෙයි.

ISBN
9789555517416
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.