ධම්මදින්නා මහ රහත් තෙරණිය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
dhammadinna-maha-rahath-theraniya-gayan-chanuka-dayawansha

“දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි.

තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර “විශාඛ” නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය.

එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.

මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප්‍රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.

මේ බව දැන ගත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්‍ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධර්මකථික භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.”

ධම්මදින්නා මහ රහත් තෙරණිය.

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556862102
පිටු ගණන 48
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ධම්මදින්නා මහ රහත් තෙරණිය
Back to Top