ධම්මදින්නා මහ රහත් තෙරණිය
“දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි.
තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර “විශාඛ” නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය.
එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.
මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප්‍රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.
මේ බව දැන ගත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්‍ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධර්මකථික භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.”
ධම්මදින්නා මහ රහත් තෙරණිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.