සිවි මහා රාජ චරිතය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
siwi-maha-raja-charithaya-gayan-chanuka-dayawansha

ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත සෑම ජාතක කථාවක් ම ඉතා රමණීය වේ. විචිත්‍රවේ. ඒවා එකකට එකක් වෙනස් ය. එම කථා පුවත් අප සැම ගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් දායකවේ. මේ ජාතක කථා අතර සුවිශේෂී බෝධි සත්‍ව චරිත කථා කිහිපයක් ම දක්නට ලැබේ. එම බෝධි සත්‍ව චරිත කථා නිසි පරිදි අප රටේ වර්තමාන සමාජයේ අපේ සැදැහැතියන් අතරට නොයෑම මහත් වූ පාඩුවකි. තවද එම බෝධි සත්‍ව චරිත වෙන් වෙන් වශයෙන් ගෙණ සරල සිංහල බස් වහරකින් සම්පාදිත ග්‍රන්ථ ද අප රටේ දක්නට නැත. පැවතිය ද අතිශයින් ම ස්වල්පයකි.

කරුණු මෙසේ පවතින බැවින් අප හට හැකි අයුරින් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ඇති ප්‍රකට බෝධි සත්‍ව චරිත කථාවලින් සිවි, කපි, ඡද්දන්ත, වෙස්සන්තර, මඛාදේව ආදි ප්‍රමුඛ චරිත කථා කිහිපයක් හෝ ගෙණ වෙන වෙන ම කුඩා ග්‍රන්ථ වශයෙන් සම්පාදනය කිරීමට සිතක් පහළ විය. මේ එහි පළමු පියවරයි. ඉඩකඩ ලැබෙන ආකාරයට අනෙක් බෝධි සත්‍ව චරිත කථා ග්‍රන්ථ ද අනුක්‍රමයෙන් සම්පාදනය කර අපේ සැදැහැතියන් අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමි.

Author ගයාන් චානුක විදානපතිරණ - Gayan Chanuka Vidanapathirana (47)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (603)
More Information
ISBN 9789556864632
පිටු ගණන 48
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිවි මහා රාජ චරිතය
Back to Top