Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / උග්ගසේන මහ රහතන් වහන්සේ

උග්ගසේන මහ රහතන් වහන්සේ

About this book

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “උග්ගසේන” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ සැදැහැතියන් මුන් වහන්සේ ගේ චරිත කථාව කෙසේ වෙතත් මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. උග්ගසේන මහ රහතන් වහන්සේ ගේ චරිත කථාව විසිතුරු ය. මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි.

"උග්ගසේන” යනු ධනවත් සිටු පවුලකට අයත් තරුණයෙකි. ඔහු සුරූපී තරුණ නාටක ස්ත්‍රියක් දැක ඇයට වසඟ වී ඇය පතා අවසානයේ ඇය ලබා ගෙණ දරුවෙකුත් හදා ඇගෙන් ආදරය නොලැබ බොහෝ නින්දා අපහාස ලැබ පසුව ඇගේ සිත ගැනීමට ත් ඇයට පාඩමක් ඉගැන්වීමට ත් සිතා ඇයට වඩා දක්‍ෂ ලෙසින් ශිල්ප හදාරා අවසානයේ බුදු පිහිට ලැබ මේ ඝෝර භයංකාර සසරින් එතෙර විය.

මෙයින් පැහැදිලිව ම පෙනී යන්නේ ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ විනෝදාංශ, රැකියාව, ගිහි ජීවිතයේ ලෞකික ස්වරූපය ආදි මෙකී සාධක බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.

ISBN
9786245711086
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උග්ගසේන මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.