උග්ගසේන මහ රහතන් වහන්සේ

Special Price රු. 198.00 Regular Price රු. 220.00
In stock
SKU
uggasena-maha-rahathan-wahanse-gayan-chanuka-dayawansha

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “උග්ගසේන” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ සැදැහැතියන් මුන් වහන්සේ ගේ චරිත කථාව කෙසේ වෙතත් මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. උග්ගසේන මහ රහතන් වහන්සේ ගේ චරිත කථාව විසිතුරු ය. මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි.

"උග්ගසේන” යනු ධනවත් සිටු පවුලකට අයත් තරුණයෙකි. ඔහු සුරූපී තරුණ නාටක ස්ත්‍රියක් දැක ඇයට වසඟ වී ඇය පතා අවසානයේ ඇය ලබා ගෙණ දරුවෙකුත් හදා ඇගෙන් ආදරය නොලැබ බොහෝ නින්දා අපහාස ලැබ පසුව ඇගේ සිත ගැනීමට ත් ඇයට පාඩමක් ඉගැන්වීමට ත් සිතා ඇයට වඩා දක්‍ෂ ලෙසින් ශිල්ප හදාරා අවසානයේ බුදු පිහිට ලැබ මේ ඝෝර භයංකාර සසරින් එතෙර විය.

මෙයින් පැහැදිලිව ම පෙනී යන්නේ ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ විනෝදාංශ, රැකියාව, ගිහි ජීවිතයේ ලෞකික ස්වරූපය ආදි මෙකී සාධක බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.

Author ගයාන් චානුක විදානපතිරණ - Gayan Chanuka Vidanapathirana (48), දයාවංශ ජයකොඩි මහතා - Dayawansha Jayakodi (2)
More Information
ISBN 9786245711086
පිටු ගණන 32
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උග්ගසේන මහ රහතන් වහන්සේ
Back to Top