Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

About this book

ඍද්ධි ලැබූ පමණින් නිර්මාණය නොලැබෙන අතර ඍද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබූ දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ඡ රහතන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්යය ප්‍රකට ය. ශ්‍රාවක වූ පිළින්දිවච්ඡ තෙරුන්ගේ ඍද්ධි බලය එසේ නම් ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ ඍද්ධි බලය කෙසේ දැ'යි කිව යුතු නැත. 

පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර අහසින් ගමන් කළ හැකි චූල ගන්ධාර විද්‍යාව දැන ක්‍රියාත්මක කළ අතර බුදුරජාණන් වහන්සේ ගේ ආගමනය නිසා එකී විද්‍යාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් බුදුරජාණන් වහන්සේ ඊට වඩා බලවත් වූ මහා ගන්ධාර විද්‍යාව දන්නා සේක් යැයි බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වූහ. එහෙයින් ලෝකයේ කවදත් බුද්ධබලය පරදවන්නට හැකි බලයක් නැති බව සනාථ වේ. එකී බුද්ධබලය යනු ධර්මබලය ම වේ. සංඝබලය යනු ද ධර්මබලය යි. ධර්මබලය හමුවෙහි සායිබලය පමණක් නොව බයිබලය ද දුබල ය. ජනයා අතරෙහි ධර්මය ම ශ්‍රේෂ්ඨ වේ. ධර්මයෙන් නිර්මිත භාග්‍යවත් අර්හත් සම්බුද්ධබලය ද ආර්ය සංඝබලය ද ලෝකයේ සියලු අසත්‍ය අයුක්ති අධර්ම අකුසල අශික්‍ෂිත බලයන්ට අභියෝගයකි.

අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි

ISBN
9789556861983
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.