Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ණනාව

සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ණනාව

About this book

සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි.

බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නාරජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ.

මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද දැන් මේ සේරුවිල මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කර තිබුණි. මේ බව පාලි ධාතුවංශයේ මෙන් ම සිංහල ධාතුවංශයේ ද සඳහන් වෙයි. මේ සියලු කරුණු සලකා බැලීමේ දී සේරුවිල මංගල මහා දාගැබ් වහන්සේ ගේ ඇති පූජනීයත්වය මෙන් ම වටිනාකම කෙතරම් දැ'යි කියා පැහැදිලි ව පෙනේ.

Details
ISBN
9789555517027
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ණනාව

Reviews are published once a member of our team has read them.