වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය වස්තු කොට ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද්‍යයට නැඟීමක් නොවේ. රාජකීයයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජසභා ජීවිතය උත්තර්ෂයට නංවන අලංකාරවාදී මධු චෂකයක් ද නො වේ. එය පැදියෙන් කියන බණක් ද නො වේ ම ය.
ගුත්තිල කාව්‍යය සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ත අනායාසී කාව්‍යමය වාංමාලාව හා ඒ වාංමාලාව උපයුක්ත කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද මැනවින් සුසංයෝග වී ඇති බැවිනි.
සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව්‍යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විචාරකයන් සිදු කළේ එහි රසානුභවය නො සලකා ගුරු ගෝල ගැටුම් විමසීමයි. එමගින් ඔවුහු පාථක රසාවේශය නො තකමින් ස්වකීය පාණ්ඩිත්‍යය පමණක් හුවා දැක්වුහ.
සිරි තිලකසිරි සුරීන්ගේ මේ නව පෙළ ගැස්ම හා අර්ථවත්්‍යානය සංවේදදි පාඨකයා රසාවේශ කරවන්නක් මෙන් ම, කිවිසුරු වෑත්තෑවේ හිමියන්ගේ ප්‍රතිභා ශක්තියට සාධාරණය ඉටු කරන්නක් ද බව සතුටින් පැවසිය හැකි ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.