ධම්මපදය සිංහල පද්ය - ප්රථම කාණ්ඩය
මෙහි භාවිත බස්-වහර සරල ය. සුගම ය. පද්යයන් ද ප්රසාද ගුණයෙන් යුතු ය. ක්රියාකාරක පද සම්බන්ධය නිරවුල් ය. එනිසා ආධුනිකයකුට වුවත් කියවා තනි ව ම අර්ථාවබෝධය කළ හැකි ය. සිංහල වෘත්ත ලක්ෂණ අනුගමනය කරමින් ප්රබන්ධිත පද්යයන් ශ්රැතිරම්යතාවෙන් අනූන ය. පාලි පද්යයන් ද සමීපයෙහි ම පවත්නා හෙයින් ශාස්ත්රීය අධ්යයනයක් සඳහා වුවත් යෝග්ය ය. බෞද්ධයාගේ අත්පොත වශයෙන් හැඳින්වෙන ධම්මපදයේ ඉගැන්වීම් අධ්යයනය කිරීමට රුචි වූ සැමට පමණක් නොව කාව්ය රසාස්වාදයේ රුචිය ඇත්තවුන්ගේ ද මනදොළ පිනවීමට සමත් අතිශයින් ප්රයෝජනවත් කෘතියක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකි ය.
රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති, කථිකාචාර්ය පූජ්ය ශ්රාවස්තිපුර ශාන්තසිරි හිමි
මානව ශාස්ත්ර හා සමාජීය විද්යා පීඨය, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
ධම්මපදය වූ කලි අප විසින් අනවරත පරිශීලනයට ලක්කළ යුතු මහෝෂධයක් වැන්න. කාය, චිත්ත, රෝගාබාධ, පීඩා, ක්ලේශ, රාග, කාම, ද්වේෂ, මෝහ, මාන, පරිතාපයෙන් ආකුල ව්යාකුල වී ඇති පෘථග්ජන මනස නිරතුරු සැලෙයි, වැනෙයි, ඇකිළෙයි, දිග හැරෙයි. ජීවිතයේ සංයෝග, වියෝග, අවස්ථාවන්හි දී පංචකාම නීවරණයෙන් පරිපීඩිතව අයාලේ මංමුළාවේ යනු ලැබේ. මේ අවිචාර සමයේ භීතිකාවෙන් සැකයෙන් හුදෙකලාව සිටින කාටත් එම ධම්මපදය කාව්ය චිකිත්සාවකි.
ප්රවීණ ගේයපද රචක, කලාශූරී, මහාචාර්ය ප්රණීත් අභයසුන්දර
මානව විද්යා අධ්යයනාංශය, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.