සබඳ අපි අප වෙමුද?
කාව්‍ය චාරිකාවක නව ප්‍රවේශය "සබඳ අපි අප වෙමු ද?"
අනුර ගුණතිලක යනු කාව්‍ය කලාව පිළිබඳ දැනුමක් හැඟුමක් ඇති නිවුණු කවියෙකි; හදවතේ තෙතමනය රැඳි සොඳුරු මිනිසෙකි. 1968 සිට 1980 දක්වා කාල පරාසය තුළ කළුබෝවිල මහා විද්‍යාලයේ උගත් අනුර, පාසල් සමයේ සිට ම කවියට සිය අවධානය යොමු කළේ ය. තමන් නිවැරැදි යැයි විශ්වාස කළ දෙය වෙනුවෙන් සිය කායික අභාවය සිදු වන තෙක් පෙනී සිටි, ඒ නිසා ම 1980 වැඩ වර්ජනයට සම්බන්ධ වී සිය රැකියාව ද අහිමි කොට ගත් උතුම් මිනිසෙකුගේ පුතකු ලෙස උපත ලැබීමට අප කවියා භාග්‍යවත් වූයේ ය. ආර්ථික දුෂ්කරතා නිසා අනුරගේ සරසවි සිහිනය බිඳ වැටුණත් ඔහු සිය ජීවන සිහිනය බොඳ කොට නොගත්තේ ය. එසේ ම සරසවි දෙවඟන හා බැඳුණු කවි සිහිනය සැබෑ කොට ගැන්මට ද ඔහු සමත් විය. ඔහුගේ මේ කාව්‍ය ග්‍රන්ථය ඊට එක් නිදසුනක් පමණි. 1980 වර්ෂයේ එලිෆන්ට් හවුස් ආයතනයෙන් සිය රැකියා ජීවිතය ආරම්භ කළ අනුර ගුණතිලක, 1981 සිට 1989 දක්වා රත්මලානේ සිංගර් ආයතනයේ සේවය කළේය. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ අනුර, 1989 වර්ෂයේ දී විදේශගත වන්නේ තමාට එල්ල වූ ජීවිත තර්ජන කරණ කොට ගෙන ය. ස්විට්සර්ලන්තය බලා ගිය අනුර, පසුව සිය බිරිඳ හා දරුවන් ද එහි ගෙන්වා ගත්තේ ය. දිගු කලක් විදේශගත ව සිටියත් මාතෘ භූමියේ සුවඳ අනුර වෙතින් කිසිදා ඈත් වූයේ නැත. සිය උපන් බිම හා බැඳුණු සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රකාශයට පත් කිරීම සඳහා විදේශගත මිතුරු මිතුරියන් සමඟ සක්‍රිය ක්‍රියාකාරකම්වල අඛණ්ඩ ව නියැළෙණු අනුර, කෙටි කලකින් ඔවුන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත් විය. කිසි විටෙකත් සිය මාතෘ භූමිය අමතක නොකළ මේ කවියා, වරින් වර සිය රටට පැමිණ කවිය හා බැඳුණු සත් කෘති කිහිපයක් ජනගත කළේ ය. ඒවා විචාරක අවධානයට ද ලක් විය.
"සබඳ අපි අප වෙමු ද?" අනුර ගුණතිලකගේ නවතම කාව්‍ය ග්‍රන්ථය යි. කලණ මිතුරු සුවඳ නිබඳ හද රැඳුණු සබඳ අනුර, ඔබටත්, ඔබ සබැඳියනටත් ඔබගේ නිර්මාණ ජීවිතයටත් ඉතා ආදරයෙන් සුබ පතමි.
මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.