Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ධම්මපදය සිංහල පද්‍ය - දෙවන කාණ්ඩය

ධම්මපදය සිංහල පද්‍ය - දෙවන කාණ්ඩය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

කලුබෝවිල මහ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන අනුර ගුණතිලක ජීවිතයේ සිදුවන අහිමිවීම්, හිමිවීම් බවට පත් කොට ගැනීමේ වාසනා ගුණය ඇති සොඳුරු මිනිසෙකි. එසේ ම එළැඹෙන ක්ෂණ, විපත්තියක් බවට නොව සම්පත්තියක් බවට පත්කොට ගැනීමේ ශක්‍යතාව ඇති පැනසර මිනිසෙකි. සිය ජීවිතයේ තීරණාත්මක මෙන් ම අතිදුෂ්කර අවස්ථාවක දී විදේශගත වූ අනුර, දශක ත්‍රයකට අත්‍යාසන්න කාලයක් ගත කෙළේ ස්විට්සර්ලන්තයේ ය. එම කාලවකවානුව තුළ, කාව්‍ය ශිල්පක්‍රම ස්වෝත්සාහයෙන් හදාරා තමා තුළ තිබූ නිසග කවිතාව, තවදුරටත් අභිවර්ධනය කොට ගැන්මට ඔහු සමත් විය. එහි අග්‍රඵලය වශයෙන් මා දකින්නේ ඔහු විසින් 2017 වර්ෂයේ දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන ලද සඳස, විරිත සහ අරුත නම් මහාර්ඝ ග්‍රන්ථ රත්නයයි. මේ වන විට අගනා ග්‍රන්ථ කිහිපයක් ජනගත කොට ඇති අප ලේඛකයාගේ ලේඛන ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානය වන්නේ සුප්‍රචලිත ධම්මපදය සිංහල කවියට නැගීම යි. මේ වන විට එහි ප්‍රථම කාණ්ඩය මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර මෙම ග්‍රන්ථය වූ කලී එහි ද්විතීය කාණ්ඩය යි.

මහරගම සිංහල කවි සමාජයේ සභාපති ධූරය, ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ වත්මන් භාණ්ඩාගාරික ධූරය ද ඇතුළු ව විවිධ කවි සංවිධානවල නොයෙකුත් තනතුරු දරමින් සිංහල කවියේ අභ්‍යන්නතිය උදෙසා ඔහු විසින් සිදු කරන ලද ප්‍රශස්ත සේවා සම්ප්‍රදාන වෙනුවෙන් කාව්‍ය ශ්‍රී වර්ණජෝති, කිවිපති, කාව්‍යකීර්ති, කවිචින්තාමණී, ප්‍රණාම අභිෂේක ආදි සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට අනුර භාග්‍යවන්ත විය.

කවර දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වුවත් ඒ කිසි විටෙකත් තමා සතු මිනිස්කම් අහිමි කොට නොගත් අනුර ගුණතිලක, ස්වෝත්සාහයෙන් උපයාගත් ඥාන සංචිත මෙන් ම කුශලතා භාවිතයට ගත්තේ ද ගන්නේ ද අප ජීවත් වන මේ සමාජය පවතිනවාට වඩා යහපත් වූත් සුන්දර වූත් තැනක් කිරීම උදෙසාය. එහෙයින් මේ මිනිසා නියෝජනය කරන්නේ සිය ශක්‍යතා සුභාවිතයට මිස අවභාවිතයට නොගන්නා සුන්දර මානව කුලකය ය යන කරුණ අවධාරණ කරනු කැමැත්තෙමි.

කව් දිය සමග දම් දිය මුසු කොට ඉදිරිපත් කරනු ලැබ ඇති මෙකව් දම්පදය මිනිස් හදවත් වල කරුණාව සහ ප්‍රඥාව විකසිත කරවන කමටහනක් ම වේවායි ඉතා ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.

ISBN
9786245957071
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධම්මපදය සිංහල පද්‍ය - දෙවන කාණ්ඩය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.