සමාජීය විද්‍යා පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවේශය
සමාජීය විද්‍යා පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවේශය යන කෘතිය සම්බන්ධව මෙම පසුවදන ලිවීම පිළිබඳ මා ඉතා සතුටු වන අතර මෙවන් කෘතියක් ප්‍රකාශයට පත් කිරීම ඉතා අගයමි. විද්වත් ලේඛනකරණය තුළින් සමාජීය විද්‍යා විෂයන් අළලා ඉතා වටිනා අර්ථවත් හා කාලෝචිත පර්යේෂණ සහ ශාස්ත්‍රීය ලිපි සම්පාදනයෙහි ලා ශිෂ්‍ය ප්‍රජාව, ආධුනික පර්යේෂකයින් ට සහ විද්වත් ප්‍රජාව උදෙසා පිරිනමනු ලබන පරිපූර්ණ හා ව්‍යවහාර ගුණයෙන් යුත් මාර්ගෝපදේශ කෘතියක් ලෙස මෙම කෘතිය දැක්විය හැකිය. එසේම මෙවන් කෘති තතුදන් මෙන්ම ආධුනික විද්‍යාර්ථීන්ගේ අනාගත විද්වත් වෘත්තිය මෙන්ම උසස් ශාස්ත්‍රීය ගමන් මාර්ගයට ආලෝකය සපයන මාර්ගෝපදේශ ග්‍රන්ථ ලෙසද නිර්වචනය කර දැක්විය හැකි ය. පූර්ණ පරිච්ජේද හතකින් යුත් මෙම කෘතිය තුළින් සමාජීය විද්‍යා විෂය සාහිත්‍ය පදනමේ සිට ඉතා ව්‍යක්ත පර්යේෂණ හා විද්වත් ලිපි සැකැස්ම යන කාර්යයන්ට උරදීමක් කරනු ඇත. පර්යේෂණ ආචාර ධර්ම හඳුන්වා දීම, ලිපි ව්‍යුහාත්මක ලෙස පිළියෙල කිරීම, අවසාන ප්‍රකාශනයක් ලෙස ලිපි ඉදිරිපත් කිරීම පිළිබඳ විධික්‍රම මැනවින් චිත්‍රජය කර ඇත. සෑම පරිච්ජේදයක්ම අවශ්‍ය මූලධර්මීය කරුණු පමණක් නොව
න්‍යාය හා පරිචය පිළිබිඹු කරමින් කෘතිය සම්පාදනය කර ඇත. අධ්‍යයන උනන්දුව, වගකීම, ආචාරධර්ම හා බැඳීම, ලිපි සැකසීම පිළිබඳ දැඩි විශ්වාසයන් ඇති කරවීම මැනවින් ඉටු කර ඇත. මෙම කෘතියේ සෑම පිටුවක්ම දක්වන කරුණු වලට වැඩි යමක් තවදුරටත් ආලෝකනය කර ඇත.
කතුවරිය කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස දැනට කටයුතු කරන අතර ඇය එම අධ්‍යයන අංශයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යා ගෞරව උපාධියක් සහ සමාජීය විද්‍යාපති පර්යේෂණ උපාධිය සමත්ව දැනට එම විෂයෙන්ම දර්ශන විශාරද උපාධියට අදාළ පර්යේෂණ වල යෙදී සිටී. ප්‍රකාශයට පත් කර ඇති කෘතියට අතිරේකව විද්වත් පාඨකයන්ට සපයන දෙවන කෘතිය වන අතර මෙවන් කෘති නිර්මාණයට ඇයට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්. ඒ වීරසූරිය
පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය
සමාජයීය විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.