Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / සාමාන්‍ය පෙළ - විද්‍යාව ප්‍රශ්න පත්‍ර I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල

සාමාන්‍ය පෙළ - විද්‍යාව ප්‍රශ්න පත්‍ර I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල

About this book

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයක් වන්නේ "විද්‍යාවයි". විශේෂයෙන්ම නව නිර්දේශය යටතේ විභාගය සඳහා පෙනී සිටින සාමාන්‍ය පෙළ දූවා දරුවන්ට තම විභාගයට පෙරහුරු කරවීම සඳහා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ප්‍රශ්න පත්‍රය I සහ ප්‍රශ්න පත්‍රය II ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල පහක් මේ ග්‍රන්ථයේ අඩංගුව ඇත. මනාව සැලසුම් කරමින් විද්‍යාත්මක අධ්‍යයනයකින් සම්පාදනය කර ඇති මෙම ප්‍රකාශනය ගුරු-සිසු දෙපිරිසටම මහඟු අත්වැලක් සපයයි. ග්‍රන්ථය තුළින් ප්‍රශ්න පත්‍ර වෙන වෙනමත් ඊට අදාළ ආදර්ශ පිළිතුරු වෙනමත් ලබා දී ඇත. මෙහි ලේඛිකාව වන්නේ විද්‍යාවේදී එස්. ඒ. විතානගේ මහත්මියයි. ඇය විද්‍යා ඩිප්ලෝමාධාරිණියකි. වසර 20 කට ආසන්න කාලයක් පාසල් ගණනාවක් පුරා ලද ගුරු වෘත්තියේ අත්දැකීම් සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරියක ලෙස ලද අත්දැකීම් ද මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට ඉවහල් වී තිබේ. ඒ මහත්මිය මහියංගනය ආඳා උල්පත ජාතික පාසැලෙන්, දෙණියාය මධ්‍ය විද්‍යාලයෙන් සේවා සපයා ඇති අතර දැනට මාතර ගොඩපිටිය ජාතික පාසලේ විද්‍යාව පිළිබඳ ආචාර්යවරියකි.

ISBN
9789554530775
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාමාන්‍ය පෙළ - විද්‍යාව ප්‍රශ්න පත්‍ර I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.