Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සාමාන්‍ය පෙළ - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නෝත්තර (10 ශ්‍රේණිය)

සාමාන්‍ය පෙළ - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නෝත්තර (10 ශ්‍රේණිය)

About this book

දැනට ක්‍රියාත්මක අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය නිර්දේශය අනුව නිර්මාණය කරන ලද මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ කතුවර දීපාල් සී. පෙරේරා මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේ දී විශේෂ උපාධිධරයකු වේ. හෙතෙම ශ්‍රී ලංකා කාර්මික විදුහල (කොළඹ - 10) උසස් ජාතික වාණිජ ඩිප්ලෝමාධාරියෙකි. වාණිජ පුහුණු ගුරුභවතකු ලෙස වසර 27 රජයේ ජාතික පාසල්හි වාණිජ ගුරුභවතකු ලෙස ද, වාණිජ අංශයේ අංශාධිපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය, සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය, ව්‍යවසායකත්ව අධ්‍යයනය යන විෂයන් හි ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ලේඛක මණ්ඩල සාමාජිකයකු ලෙස ද වසර ගණනාවක් සේවය කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පිළිතුරු පත් පරීක්ෂක වරයකු ලෙස ද කටයුතු කරන ඒ මහතා දැනට කැලණිය අධ්‍යාපන කලාපයේ වාණිජ ගුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරයි. විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳව මනා පරිචයක් ලද ඒ මහතා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර රටාව පිළිබඳව ලද අත්දැකීම් ද පදනම් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

මෙම ග්‍රන්ථය තුළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II ප්‍රශ්න පත්‍ර කට්ටල පහ බැගින් අඩංගු වෙයි.
I පත්‍රයට පත්‍ර පහක්
II පත්‍රයට පත්‍ර පහක්

ISBN
9789554530966
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාමාන්‍ය පෙළ - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නෝත්තර (10 ශ්‍රේණිය)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.