Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සඳුන් හර
About this book

නිර්මාණ ලේඛකයකු ලෙස කවිය, කෙටිකතාව, නවකතාව ආදිය තුළ සිය දක්ෂතා ප්‍රකට කළ ප්‍රතිභාපූර්ණ තරුණ සාහිත්‍යවේදියකු වන චන්දන ඉලන්දාරිගේ සාහිත්‍ය-කලා විචාරයෙහි ද උද්‍යෝගිමත් ව නියැලී සිටින්නෙකි. සිංහල භාෂා සාහිත්‍යය කෙරෙහි ඔහු සතු විවක්ෂණ භාවය වඩාත් ප්‍රකට ව පෙනෙන්නකි. "සඳුන් හර - ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය" ඔහු විසින් රචිත ග්‍රන්ථ විචාර හා ශාස්ත්‍රීය ලිපි විස්සකින් යුතු වෙයි. පුරාතන සිංහල සාහිත්‍ය කෘති හා කාව්‍ය ශාස්ත්‍රය සම්බන්ධ අගනා ලිපි රැසක් ම මෙහි ඇතුළත් ව තිබේ. එම ලිපි මඟින් අදාළ විෂයයන් සම්බන්ධ විවාදසම්පන්න කරුණු විමර්ශනය කරමින්, දුර්මත බිඳ හෙළමින්, ගැටලු නිරවුල් කරමින් ඔහු දක්වා තිබෙන මතවාද වියතුන්ගේ අවධානයට නිසි ය. නිර්මාණකරුවා සතු ප්‍රතිභාව විචාර කාර්යයෙහි ලා ඉවහල් ව තිබෙන අයුරු ද මේ ලිපි මඟින් දැකගත හැකි වෙයි. සඳුන් හරයක් ම බඳු මේ "සඳුන් හර - ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය" විචාරශීලී පාඨකයන්ටත් ශාස්ත්‍රවන්තයන්ටත් විපුල ඵල ලද හැකි අගනා කෘතියක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

ISBN
9786246943004
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සඳුන් හර
This book සඳුන් හර චන්දන ඉලන්දාරිගේ
රු. 600.00 රු. 750.00
තොටියාගේ අවසානය චන්දන ඉලන්දාරිගේ
රු. 324.00 රු. 360.00
කවුළුවෙන් එහා චන්දන ඉලන්දාරිගේ
රු. 612.00 රු. 680.00
3 books selected
රු. 1,536.00 රු. 1,790.00
Save රු. 254.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳුන් හර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.