කවුළුවෙන් එහා
චන්දන ඉලන්දාරිගේ තරුණ නිර්මාණකරුවාගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍යය පද්‍ය කාව්‍යය යැයි හඟිමි. 2017 තරම් කාලයක සිට ඔහු කාව්‍යකරණයේ නිරත ව සිටි යි. "මම ඔබට පෙම් කරමි (2017) අවසානය (2019) පෙම්බර ලක් මවුනි (2019) හා තන්පුනොරි (2021)” චන්දනගේ පූර්ව පද්‍ය කාව්‍ය නිර්මාණ කෘති වේ. මේවායේ පළ වූ බොහෝ නිර්මාණ රසික, විචාරක සම්භාවනාවට පාත්‍ර වූ බව ද දනිමි. 2020 දී තොටියාගේ අවසානය නම් කෙටිකතා සංග්‍රහය පළ කරමින් ඔහු කෙටිකතා ශානරය තුළ ද තම කෞශල්‍යය ප්‍රකට කළේ ය. කවිය වේ වා, කෙටිකතාව වේ වා මේ කුමන සාහිත්‍ය ශානරයක් තුළ වුව චන්දන ඉලන්දාරිගේ නම් නිර්මාණකරුවාගේ අනන්‍ය මුද්‍රාව සටහන් ව තිබෙනු දක්නට හැකි ය.
“කවුළුවෙන් එහා” නම් වන ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය
ඉලන්දාරිගේ කවියා විප්‍රවාසයේ ජීවත් වෙමින් විරචිත දෙවන නිර්මාණ සංග්‍රහය වේ. "තපුංනොරි”පද්‍ය සංග්‍රහය තුළින් විහිද යන්නේ කොරියානු ජන සමාජයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකුගේ ඇසින් ඔහු දකින කොරියානු ජන ජීවිතයේ සමාජාර්ථ යි. එහෙත් කවුළුවෙන් එහා නම් වූ මේ එකතුව පද්‍ය කාව්‍ය සියයකින් සුසැදි නිර්මාණ සංග්‍රහයක් වන අතර මෙහි සියලු රචනා හයිකු කාව්‍ය සම්ප්‍රදායට සමීප ආකෘතියක් තුළ රචනා වූ කාව්‍ය වේ. සීමිත වදන් භාවිතයක් මඟින් නිමවනු ලබන සංකල්ප රූප හා කාව්‍යොක්ති බහුතරයක් තුළින් පාඨකයන් වෙතට කවියා රැගෙන එන ජීවිතානුභූතීන්හි අපූර්ව ගුණය මතු වී පෙනේ. සංක්ෂිප්ත කවි ආර තුළ වුව කවියා ඔහුට හුරු පුරුදු සිව්පද ආකෘතිය ද භාවිත කොට ඇත. සීමිත වදන් භාවිතාවකින් ඉලන්දාරිගේ කවියා තම පරිකල්පනය හා කවිතාව මනා ව ප්‍රකට කොට සිටින බවට සාක්ෂි සපයන පද්‍ය නිර්මාණ රැසක් මේ කවි එකතුවෙහි වේ.
ගෙවුණු වසර කිහිපය තුළ කවි බස, කාව්‍යානුභූතීන් තෝරාගැනීමෙහි නිපුණත්වය, විචිත්‍ර කවි සංකල්පනා නිමැවීම වැනි රමණීය කවියකට ඇවැසි ගුණාංග සපුරමින් පරිපාකයට පත් වී ඇති ඉලන්දාරිගේ කවියාගේ නව නිර්මාණ සංග්‍රහයට සුබ පතමි. ඔහු අපගේ කවි ලොව එළිය කිරීමට පායා ආ තාරකාවක් වැන්න.
බුද්ධදාස ගලප්පත්ති
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.