Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැඟවුණු ආදරය
About this book

සිල්වියා වේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටි කනිංහැම් මහත්මියගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සිය සැමියා වූ සර් රොබර්ට් ෂෙල්ඩන්ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වූයේ තම මරණින් පසු ඔවුන්ගේ දියණිය වූ ලුසීට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමඟ එහි යන ලුසී සර් රොබර්ට්ගේ දියණිය ලෙස පිළිගෙන බාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලැබෙන්නේ ලුසීගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් හෝල්වල නැවතී සිටීමේ අවස්ථාවය. සිල්වියා මන්දිරයේ රඳවා ගැනීමට සර් රොබර්ට් දැක්වූයේ විශාල කැමැත්තකි. දුටු පළමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදී ගියේ එලෙසින්මය. ඒ එසේ වුවද සර් රොබර්ට්ගේ අද්භූත ගති ලක්ෂණ නිසා සිල්වියා පත්ව සිටියේ වික්ෂිප්ත බවකටය. කෙසේ නමුත් සිල්වියා මන්දිරයේ නැවතී සිටීම සම්බන්ධයෙන් නොකැමැත්ත පෙන්වා සිටි සර් රොබර්ට ගේ මව වූ ආර්යා ක්ලෙමෙන්ටිනා සිල්වියාට ලබා දුන් ප්‍රථම උපදේශය වූයේ තම පුත්‍රයාගේ ආකර්ශනය ඇති වන ආකාරයේ සියලු කටයුතුවලින් වැලකී සිටිය යුතු බවය. ඇය කිවේ ‘මගේ පුත්‍රයා නුඹ සඳහා නොවේය’ යන්නය. අබිරහස් ෂෙල්ඩන් හෝල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්ථාවක් තිබුනේ ද? සිල්වියාගේ ඉරණම කෙලෙස විය හැකි ද?

ISBN
9789556913538
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැඟවුණු ආදරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.