Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සංගු අඬහැරය

සංගු අඬහැරය

About this book

‘සංගු අඬහැරය’ වූ කලී මරී මැජරෝවා නම් චෙක් ජාතික ලේඛිකාව විසින් ලියා පළ කරන ලද ‘ද සයිරන්’ (චෙක් බසින් ‘සෙරේනා’) නමැති නවකථාවේ සිංහල අනුවාදයයි. චෙකොස්ලෝවැකියාවේ (අද චෙක් ජනරජය) ප්‍රාග් නගරයට නුදුරු වූ උවාලි හි කම්කරු පවුලක උපත ලද ඈ හැදී වැඩුණේ ගල් අඟුරු ආකරවලින් ගහණ ක්ලැඩ්නෝ නුවර ය. මෙම නව කථාවට පාදක වූයේ ද එම නගරය යි. එහි විසූ පතල් කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ ඈ තුළ වූයේ මනා අවබෝධයකි. සොළොස් වන වියේ දී ප්‍රභූ පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ ඈ පසුව අධ්‍යාපනය ලබා සමාජවාදී අදහස් දරමින් පීඩිත කම්කරු ජනතාව හා කාන්තාවන් වෙනුවෙන් සටන් කරනු සඳහා තම පෑන මෙහෙයවූවා ය. 1907 දී ධනපතිවාදය හෙළා දකිමින් ලියූ කෙටි කථා අඩංගු ‘වර්ජිනිටි’, රුසියාවිප්ලවය, අරාජිකත්වය හා ත්‍රස්තවාදය අරභයා 1914 දී ලියූ ‘ස්ක්වෙයාර් ඔෆ් ද රිපබ්ලික්’ හා ‘ද වෙස්ට් ඔෆ් ද වර්ල්ඩ්’ (1923), ‘ද ඩෑම්’ (1932) යන කෘතීන් ගෙන් පසු වසර ගණනාවක ව්‍යායාමයෙන් ‘ද සයිරන්’ නම් වූ කෘතිය බිහි කළා ය. පරම්පරා තුනක අඟුරු ආකර කම්කරුවන්ගේත් යකඩ කම්හල් සේවකයන්ගේත් කඨෝර ජීවිත, ඔවුන්ගේ දෛනික අරගල හා සාමූහික සටන්, අනාගත අපේක්ෂා හා ප්‍රාර්ථනා, ප්‍රේම වෘත්තාන්ත හා ඛේදවාචක එහි කථා ශරීරයට ඇතුළත් ය. 

පසුගිය ශත වර්ෂයේ පහළ වූ ශ්‍රේෂ්ඨ සිංහල ලේඛකාවලියේ අවසාන පුරුක ලෙසත් අග්‍රගණ්‍ය පරිවර්තකයකු ලෙසත් සිංහල සාහිත්‍යයට මා හැඟි සේවයක් සලසා 1996 දී අභාවප්‍රාප්ත වූ කේ. බී. සුගතදාස සූරීන් විසින් තම ජීවිතයේ සායන්ත සමයේ දී ආරම්භ කරන ලද මෙම අනුවාදය නිම කරන ලද්දේ එතුමාගේ දියණියක වන ශ්‍රියා කුළුපන මහත්මිය විසිනි.

Details
ISBN
9789556563108
පිටු ගණන (Pages)
375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review

You're reviewing: සංගු අඬහැරය

Reviews are published once a member of our team has read them.