Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයන පිවිසුම

සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයන පිවිසුම

About this book

මානව සම්භවයට සමගාමීව බිහි වූ මානව හෙවත් සමාජ සන්නිවේදනය විවිධ වූ ඓතිහාසික යුග සහ හැරවුම් ලක්ෂයන් පසුකොට අධ්‍යතන මට්ටම් දක්වා වර්ධනය හා ව්‍යාප්ත වී තිබේ. සන්නිවේදනය සහ මාධ්‍ය භාවිතය වර්තමානයේ දී පුද්ගලික සහ පොදු මානව ජීවිතයේ අවේදනීය සංරචකයක් පමණක් නොව මානව සංහතියේ පදනම බවට පත්වී ඇති බව පැහැදිලිය.

මානව සමාජය සහ සන්නිවේදනය අතර පවතින සංකීර්ණ වූද ගැඹුරු වූද ගතික සම්බන්ධය අධ්‍යයනය කිරීම වර්තමානය වන විට බහු ශික්ෂණමය, ස්වභාවයක් අත් පත් කර ගෙන තිබේ. සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය පිළිබඳ සාක්ෂරතාව අද සෑම පුද්ගලයෙකුට අවශ්‍ය පොදු කොන්දේසියක් බවට පත්ව ඇති යුගයක “සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයන පිවිසුම” නැමැති ග්‍රන්ථයේ පාසල් සිසුන්ට පමණක් නොව පොදු පාඨකයන්ටද උසස් අධ්‍යාපනයේ නියැළී විද්‍යාර්ථින්ටද උක්ත විෂය පිළිබඳ සරල වූද පැහැදිලි වූද අවබෝධයක් ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් සරල වූද පැහැදිලි වූද, ආකර්ෂණීය වූද භාෂා ශෛලියකින් රචනා කොට තිබීම විශේෂත්වයකි. මෙම කෘතියේ කතුවරයා වන තරංග සමරවික්‍රම ප්‍රවීණ සංගීතවේදියකු, සෞන්දර්ය වේදියකු, අධ්‍යාපනඥයකු හා පර්යේෂකවරයකු මෙන්ම ගත්කතුවරයකු වශයෙන්ද කථිකාචාර්යවරයෙකු ලෙසින් ද ලබා ඇති බහු විෂයික ශික්ෂණය සහ පළපුරුද්ද මෙම කෘතියෙන් මනාව ප්‍රකට කෙරේ.


ආචාර්ය ටියුඩර් වීරසිංහ
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපයේ පශ්චාත් උපාධි අධ්‍යයනාංශ ප්‍රධාන

Details
ISBN
9789553116246
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යයන පිවිසුම

Reviews are published once a member of our team has read them.