Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සංගීතය / සපරගමු දවුල
About this book

සබරගමු නර්තන සංස්කෘතියේ පුළුල් සාහිත්‍ය 

විෂය ක්ෂේත්‍රය හාරා අවුස්සා එහි මුල් බිජුවට ස්වකීය 

විමර්ශනාක්ෂියෙන් විනිවිධ දැක එහි අග්‍ර ඵලය 

පර්යේෂණ කෘති කිහිපයක් මගින් පාඨක අප වෙත ඉදිරිපත් 

කර ඇති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා 

නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යයනාංශ ප්‍රධාන 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති සමන් කුමාරතුංග 

ලේඛකයා වූ කලී වෙසෙසින් පැසසුම් ලැබිය යුතු ශාස්ත්‍රඥයෙකි. 

මක්නිසාදයත්, ඔහු අතැඹුලක් සේ සේවිත ස්වකීය 

කලා විෂයේ ගායන, වාදන, නර්තන මතු නොව කැටයම් 

හා ඇඹුම් කලාව පිළිබඳවද මනා පටුත්වයක් ඇති තරුණ 

ගවේෂකයෙකු හා ප්‍රශස්ත ලේඛකයෙකු වන බැවිනි. 

සපරගමු දවුල - නිවැරදි පංචාංගික තූර්ය සහ දවුල් වාදන 

සංස්කෘතිය නමින් හඳුන් වන මෙම පර්යේෂණ 

කෘතිය වූ කලීපචාංගික, පංචතූර්ය ආදී වශයෙන් බොහෝ 

දෙනා දන්නා විෂය ක්ෂේත්‍රයේ මෙතෙක් භාවිත සාවද්‍ය 

අර්ථකථන, සාවද්‍ය යෙදුම් හා කථා ප්‍රවෘත්ති පිළිබඳ රචනා 

කරන ලද තුලනාත්මක ග්‍රන්ථයකි. එය විශ්ව විද්‍යාල උගතුන්, 

විද්‍යාර්ථීන් මතු නොව සාමාන්‍ය පාඨකයාටත් පාසල් දරු 

දැරියන්ටත් නවතම කරුණු කියාදෙන වටිනා පුස්ථකයකි. 

නර්තන විෂය ක්ෂේත්‍රයේ පවත්නා දුර්මත හා හිතලු 

නිෂ්ප්‍රභ කොට ඒ පිළිබඳ ගවේෂණාත්මක 

ග්‍රන්ථ රචනය තත් විෂය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතු වේ. 

එබැවින් මෙම කෘතිය නර්තන කලා ක්ෂේත්‍රයට 

දල්වන ලද මිණි පහනක් බඳු වේ.

 

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 

නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක

ISBN
9789556564723
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සපරගමු දවුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.