Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සපත්තුවා

සපත්තුවා

ප්‍රකාශක (Publisher): KBOOKS
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී සහ දීප්තිමත් ව්‍යවසායකයන්ටත්, ව්‍යාපාරික නායකයන්ටත්, SHOEMAKER කෘතියේ මෙම සුවිශේෂී සංස්කරණය මම තිළිණ කරන්නේ මහත් සන්තෝෂයකින්. බොල්ටන්හි කුඩා කර්මාන්තශාලාවකින් ආරම්භ කර, ගෝලීය සන්නාමයක් දක්වා රීබොක් රැගෙන යාමේ මාගේ කතාන්දරය, අධිෂ්ඨානය, උත්සාහය සහ මහත් වෙහෙසින් සිහින හඹා යාම ගැන කතාන්දරයක්. නමුත් ඒ සියල්ලටම වඩා, එය ව්‍යවසායකත්වයේ බලය ගැන සපථ කෙරෙන කතාන්දරයක්. ඔබට දැක්මක්, අධිෂ්ඨානයක් සහ මහන්සි වී වැඩ කිරීමේ හැකියාව ඇත්නම්, ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගත හැකිවාක් පමණක් නොව, ලෝකය තුළ නොමැකෙන සටහනක් තැබිය හැකි බව කියැවෙන කතාන්දරයක්.

ශ්‍රී ලංකාව තුළ ඔබට, ඉහළ ශිල්පීය නිපුණතාවයේ සම්ප්‍රදායක් සහ ජාත්‍යන්තරයේ තම සළකුණ තැබීමට අපේක්ෂාවෙන් බලා සිටින දක්ෂයන් සමූහයක් සිටිනවා. මෙම අලංකාර දිවයින තුළින්, මීළඟ පෙරළිකාර ව්‍යාපාර සහ නවෝත්පාදන රැල්ල පැනනැඟීමේ හැකියාව ඇති බව මම තදින්ම විශ්වාස කරන අතර මගේ කතාව ඔබේ ඒ ගමනට ආශ්වාදයක් සහ ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇතැයිද මා බලාපොරොත්තු වෙනවා.

ජෝ ෆොස්ටර්
රීබොක් - නිර්මාතෘ

ISBN
9786245737444
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සපත්තුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.