Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය (අභ්‍යාස සහිත)

සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය (අභ්‍යාස සහිත)

About this book

ශාස්ත්‍රවේදී අධ්‍යාපනපති ටියුඩර් අමරසේන ප්‍රබුද්ධ ලේඛකයෙකි; කවියෙකි; ළමා පොත් රචකයෙකි; විචාරකයෙකි; සිංහල භාෂා ගුරුවරයෙකි. ඔහු දැනට පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. මෙරට සිටිය දී මෙන් ම එහිදී ද විවිධ අධ්‍යාපන ආයතනවල සිංහල භාෂාව උගන්වමින් සිටී.

සිංහල භාෂා පඬිවරයෙකු වන ටියුඩර් අමරසේන සූරීන් විසින් විරචිත 'සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය’ නම් භාෂා ව්‍යාකරණ කෘතියේ පඨිතය සීමා වී ඇත්තේ සිංහල භාෂා ව්‍යාකරණයේ එක් පදාසයක් සඳහාය. එනම් උක්තාඛ්‍යාත පද සම්බන්ධය ගැනය. අද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, උපාධිධාරීන්, මාධ්‍යවේදීන් පමණක් නොව ප්‍රවීණ මෙන් ම ආධුනික ලේඛකයෝ ද උක්තාඛ්‍යාත සම්බන්ධය ගැන කිසිදු අවධානයකින් තොරව ලේඛනකරණයෙහි යෙදෙති. එබඳු වැරදි ගැන ඔවුහු කිසිදු තැකීමක්ද නොකරති. මෙය අද දවසේ අපගේ මව් බස මුහුණ දී සිටින බරපතළ තර්ජනයක් බව නොකිවමනාය. මෙවන් පසුබිමක මෙබඳු කාලෝචිත භාෂා පඨිතයක් රචනා කිරීමට පෙලඹීම අද දවසේ භාෂා ප්‍රේමීන් ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

මේ කෘතියෙහි උක්තාඛ්‍යාත සම්බන්ධය විවරණය කිරීමේදී වචන භේදය, උක්ත පද සහ අනුක්ත පද, පුරුෂ භේදය, කාල භේදය, අප්‍රාණවාචී බහු වචන, සමූහාර්ථවාචී පද, ගෞරවාර්ථ බහු වචන, නිත්‍ය බහු වචන, නිපාත යෝගය, පුරුෂත්‍රයට අයත් සර්ව නාම සහ අන්‍ය නාම, අනියමාර්ථ ප්‍රත්‍ය: (උක්ත හා අනුක්ත යෝගය), ද්විත්ව උක්තය, ආඛ්‍යාත අධ්‍යාහාරය, අවිනිශ්චිතාර්ථය, අන්තර් වාක්‍ය ක්‍රියා පද, විශේෂ අභ්‍යාස හා නිවැරදි කර ලිවීමේ අභ්‍යාස යනුවෙන් අතුරු මැය අටළොසක් යටතේ අභ්‍යාස සහිතව අවශ්‍ය සියලුම කරුණු සාකච්ඡා කර ඇත. මෙබඳු කෘතියක් මීට පෙර රචනා වී ඇතැයි මම නොසිතමි. මේ භාෂා පඨිතය පාසල් ශිෂ්‍යයන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට, මුද්‍රිත මෙන් ම විද්‍යුත් මාධ්‍යවේදීන්ට ද, භාෂාව දන්නවා යැයි හිස උදුම්මවා ගෙන සිටින විද්වතුන්ටද ප්‍රයෝජනවත්, අවශ්‍යයෙන් ම පරිශීලනය කළ යුතු ලේඛනයක් ලෙස නොපැකිළව සඳහන් කරමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

ISBN
9786242041476
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය (අභ්‍යාස සහිත)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.