Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / සාර්ථකත්වයේ ඉණිමග
About this book

මෙම පොත කියවන ඔබ,

මිනිසකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව,

උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද්‍යමාන වන බව,

එසේ නම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක්‍රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටුකර ගත හැකි බව,

ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ්‍ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව,

ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ව්‍යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව,

ඔබ පෙලන අසාමාන්‍ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට මිදෙන්නට නොහැකි පුරුදුවලින් මිදෙන්නටත් යටි සිත සහාය කරගත හැකි බව,

මහලු වියේදීත් තරුණව නිරෝගීව සිටින්නට යටි සිත ඔබට උදව් කරන බව,

සහ තවත් පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගන්නවා ඇත. සුවෙන්, සැපෙන් හා සතුටින් සිටින්නට කැමති ඔබ මෙහි ඇතුළත් ශිල්ප ම හදාරන බවත් ඒවායින් වැඩ ගන්නා බවත් නොඅනුමානය.

ISBN
9789556973167
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාර්ථකත්වයේ ඉණිමග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.