Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ටිප්ස් ගේ විස්මිත කතාව

ටිප්ස් ගේ විස්මිත කතාව

About this book

අතහැර දැමූූ ගමක අරුම පුදුම කතාන්දරය, යාවජීව මිත්‍රත්වයක් සහ අභියෝගාත්මක අත්දැකීම්වලට නැඹුරු පූසෙක්.

ඒ 1943 වර්ෂයයි. ලිලී ට්‍රෙගෙන්සා ස්ලේප්ටන්හි මුහුදක් අසළ ඇති ගම්මානයක ගොවිපලක ජීවත් වෙයි. ඇගේ ජීවිතයට යුද්ධයේ බලපෑම් එල්ලවන්නේ මඳ වශයෙනි. නමුත් එක්තරා දවසක, තමන් සතු වටිනායැයි සිතිය හැකි සියලුම දේ රැගෙන, ගම්මානයෙන් ඉවත් වන ලෙසට ගම්මුන්ට උපදෙස් ලැබෙයි.

මිත්‍ර හමුදා ප්‍රංශය ආක්‍රමණය කිරීමට සූදානම් වන නිසා ඉතා ඉක්මනින් ඒ මුළු පළාතම තහනම් කලාපයක් වෙයි. ඔවුන් සූදානම් වන්නේ ඩී ඩේ නමින් හැඳින්වූ මෙහෙයුම සඳහාය. නමුත් ටිප්ස්ට, ඇගේ ආදරණීය පූසාට ඇත්තේ වෙනත් අදහස්ය. ඈ තහනම් කලාපයේම නවතියි.

ටිප්ස් සෙවීමේ උමතුවෙන් සහ තමන්ම ඇය සොයාගැනීමේ අරමුණ ඇතිව ලිලී අන්තරාදායක කලාපයට ඇතුළු වෙයි. ඇයට හමුවන අලුත් මිතුරන් දිවි ඇති පුරා මතකයේ මෙන් ම ඇගේ ජීවිතයේ ද විටින් විට හමු වේ. මතකය අමතක කළ නොහැකිය. එය රබර් බෝලයක් දිය තුළ රඳවා ගැනීමට දරන ප්‍රයත්නයක් හා සම කළ හැකිය. ඒ මත යොදා ඇති පීඩනය ඉහිල් වූ වහාම එය නැවතත් දිය මතුපිටට එයි. ලිලීගේ යොවුන් මිත්‍රත්වය ද එසේ කාලයක් සැඟවී තිබුණ ද නැවත උඩට මතුවන ආකාරය ඉතා ආදරණීයය.

ISBN
9789556973082
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ටිප්ස් ගේ විස්මිත කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.