Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අලි පැංචා මාලින්

අලි පැංචා මාලින්

About this book
දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙල්ගස්ට් සන්ව උද්‍යානයෙන් බේරාගත් ඇතෙක් පිළිබඳ සත්‍ය කතාව පාදක කරගෙන බ්‍රිතාන්‍ය ජාතික මිෂෙල් බෝපගෝ ලියූ ඇන් එලිෆන්ට් ඉන් ද ගාඩින්” හරීම අපූරු ආශ්වාදජනක නව කතාවකි. යුද්ධය නිසා ජර්මනිය දෙකඩ වෙමින් පැවතුන අවස්ථාවේ ජර්මන් පවුලකට විඳින්නට සිදුවුන දුෂ්කරතා මේ කතාවට පාදක වී ඇත. කතාවක් ඇතුළත් මෙය ආරම්භ වන්නේ කැනඩාවේ සාත්තු නිවාසයක ඉන්නා වියපත් කාන්තාවක් වෙන ලිසී ඇය බලාගන්නා හෙදියටත් හෙදියගේ අවුරුදු නවයක පුතා කාල් හටත් කරන විස්තරයක් ලෙසය. ඇය කුඩා කාලයේ ගෙවත්තට ආපු ඇත් පැටියෙක් ගැන ඇය විස්තර කරයි. ජර්මනියේ ඩ්‍රෙස්ඩන්හී ජීවත්වුන ලිසීගේ තාත්තා යුද්ධයට බැඳෙයි. අම්මා වැඩ කළේ සත්ව උද්‍යානයේයි. ඇය යුද්ධය නිසා මරන්න නියම කරපු මාලින් නම් ඇත් පැටියා ගෙදර ගේනවා. ඩෙත්වලට බෝම්බ දමන අවස්ථාවේ ඒ අය ඇත් පැටියාත් අරගෙන පලා යනවා. ඒ ගමදී සිද්ධවෙන අනුවේදනීය සිද්ධීන් වාගෙම ලිසි සතුරු භටයකු සමග ඇතිකර ගන්නා ආදර සම්බන්ධතාවයත් මේ පොතේ කදිමට පැහැදිලි කර තිබෙනවා. පැහැදිලිව, නිරවුල් ලෙස මේ කතාව ලියා තිබෙන ආකාරය දෙවැනි ලෝක මහා සංග්‍රාමය ගැනත් කදිම වැටහීමක් ඇති කර ගන්නට පුළුවන් විදියේ එකක්.
ISBN
9789556973051
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අලි පැංචා මාලින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.