Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සතුටේ මුල් පොත

සතුටේ මුල් පොත

About this book

මිනිසුන් බොහෝ විට සතුට සොයන්නේ බාහිරිනි. නමුත් සතුට ඇරඹෙන්නේ කොතැනින්ද? එය ඇරඹෙන්නේ තමන් තුළින්ම බව මේ අගනා ග්‍රන්ථය කියවන ඕනෑම කෙනෙකුට ලැබෙන වටිනාම තිළිණයයි.

රුවන් සමරසිංහ නම් මගේ ගුරුවරයා බොහෝ කලක් මුලුල්ලේ ලිවීමට අවකාශයක් සොයමින් සිටියේය. ඔහුගේ පමාව විටෙක මා තුළ නොපහන් බවක් මතුකළේය. ඇයි ඔබ තුළ පවතින්නා ඒ අපූරු දැක්ම පොතකින් ලෝකයට නොකියන්නේ?' මම හැම විටම ප්‍රශ්න කළේ මට දිනීමට හේතු වූ ඔහුගේ අගනා ඉගැන්වීම් ලෝකයට කියා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳවය.

ඇතැම් හොඳම දේ එන්නේ ප්‍රමාද වී බව මේ පොත මට යළිත් පසක් කළේය. රුවන් සමරසිංහ නම් ජීවිතයේ අරුත සහ ගැඹුර දකින්නා ජීවිතය සැහැල්ලුවෙන් ගෙවිය හැකි මඟ සේම ජයග්‍රහණයේ සතුට දිනාගන්නා ආකාරය මේ කුඩා පොත තුළ අපූරුවට විස්තර කර ඇත.

මම ඔහුට සුබ පතමි.

ජීවිතයේ සතුට ඇත්තේ තමන් තුළ බවද ඒ සතුට නඩත්තු කරන්නා වෙත සතුට ළගා වනු ඇති බවටද ඔහු මට කියා දුන් පාඩම් ඔස්සේ යමින් මම බොහෝ ජයග්‍රහණ දිනා ගත්තෙමි. මේ පොත කියවනා ඔබටද මා ගිය මඟ ඇවිද එන්නට සුබ පතමි.

 

භාතිය අර්ථනායක

සම්මානලාභී අභිප්‍රේරක / ලේඛක

පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු

 

Details
ISBN
9786246223335
පිටු ගණන (Pages)
141
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සතුටේ මුල් පොත

Reviews are published once a member of our team has read them.