සතුටින් ඉන්න
එඩ්වඩ් මල්ආලරච්චි සූරීන් තාරුණ්‍යයේ හදවත් තුළ ආදරය සමග ජීවත්වන සදාකාලික චරිතයක්. 'සතුටින් ඉන්න' පොතට පසුවදනක් ලියන්න මට ලැබීම සැබැවින්ම ආඩම්බරයක්. 'සතුටින් ඉන්න' නම් මේ කෘතියේ සතුටින් ඉන්න කියන්නේ මනෝ විද්‍යාත්මක රූපවාහිනි වැඩසටහනක්. මෙහි එන ප්‍රධාන චරිතය පංචලී නම් තරුණියයි. බිඳුණු ආදරය නිසා දැඩි මානසික පීඩනයට ගොදුරු වී ජීවිතය එපාවී ජීවිතය නැති කර ගැනීමට කල්පනා කරමින් සිටින ඈ 'සතුටින් ඉන්න' වැඩසටහන නරඹා අවුල් වී විසුරුණු ජීවිතයට නැවත පණ ලබා ගන්නවා.
මෙම පොත කියවන විට මට දනුණේ මම සහ නිල්මිණි තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කරන 'හිත ගාව' වැඩසටහනට මෙය සමීප බවයි. කලාවත් මනෝ විද්‍යාවත් එකට මුසු කර ඉතා සරල සහ සුගම්‍ය භාෂා ශෛලියකින් ඔබේ හදවතට දැනෙන ගැඹුරු මනෝ විද්‍යාත්මක පාඩමක් මෙම නවකතාව ඇසුරින් කතුවරයා පාඨක ඔබට සමීප කර තිබෙනවා.
එන්. කුමාරනායක
මනෝ වෛද්‍ය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.