Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සතුටු කුමරා

සතුටු කුමරා

About this book
(The Happy Prince and other tales) මුලින් ම එළි දැක්වූයේ 1888 දීය. අද විශ්ව සාහිත්‍යයට ඇතුළත් වුවද මෙම කථා සංග්‍රහයට එවකට ප්‍රසිද්ධ ප්‍රකාශකයන්ගෙන් ලැබුනේ අවතක්සේරුවකි. ඔස්කා මෙහි අත්පිට මුලින්ම භාර දෙන ලද්දේ ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට මිතුරෙකුව සිටි ජෝර්ජ් මැක්මිලන්ගේ පියා සතුව තිබූ, එමෙන් ම වික්ටෝරියානු යුගයේ පතාක ග්‍රන්ථ ප්‍රකාශක සමාගමක් වූ මැක්මිලන් (Macmillan) ප්‍රකාශක සමාගමට ය. පොත මුද්‍රණය සඳහා උචිතදැයි තීරණය කරනු සඳහා එය නිරනාමික උගතෙකු වෙත යවන ලද අතර එවා තිබූ තීරණය 19 වන සියවස් සාහිත්‍ය ඉතිහාසය තුළ හීනතම පූර්ව නිගමනය ලෙස කැපී පෙනේ. "මෙම කථා ඉදිරිපත් කරන ආකාරයෙහි අරමුණක් හා විචක්ෂණ බවක් ඇත. එහිලා ලේඛකයා හුරු බුහුටි ය. මෙහි කථා දෙකක් හෝ තුනක් ඉතා සිත් කළු වුව ද සමස්තයක් වශයෙන් ගත් විට එහි සිත් කාවදින බවක් ඇතැයි මට කිව නොහැකිය. ඒවා ඉක්මණින් ජනප්‍රිය වේයැයිද මම නොසිතමි. ඒවා සිත්කළුය, විශදය. නමුදු ඒවා පාඨකයාගේ මනස බැඳ නොගනී. ඒවා යහපත් හා ගරු කටයුතුය. ඉන් ඔබ්බට යමක් ඇතැයි මට සැකසහිතය.''
ISBN
9789557861722
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සතුටු කුමරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.