Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සීත සෙවණැලි

සීත සෙවණැලි

ප්‍රකාශක (Publisher): නයින් ප්‍රකාශන - Nine Publishing
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සමහර ආදර කතා ඇත්තටම පටන් ගන්නේ විවාහයෙන් පස්සේ. එක වහලක් යටට වෙලා වගකීම් බෙදා ගෙන, නොගැලපීම් අතරින් ඉදිරියට යනකොට ආදරයටත් වඩා ජීවිතය පුරාවට අතු පතර විහිදුණු ගැඹුරු බැම්මක් ගොඩ නැගෙනවා. දරුවෝ උස් මහත් වෙන්නේ ඒ බැම්ම උඩ. මම අම්මි කෙනෙක් වුනාට බිරිඳක් නෙවෙයි.

ඔයාගේ තාත්තිත් එක්ක එක යහනක සැතපෙන්නවත්, එයාට බත් ටිකක් උයලා දෙන්නවත් අම්මිට බැරි වුණා. එයා පාරේ යන ලස්සන ගෑනු ළමයෙක් දිහා බලද්දී එයාට ඇනුම් පද කියන්න අම්මිට බැරි වුණා. පොඩි දේකට තරහ වෙලා ගොඩ වෙලාවක් කතා නොකර ඉන්න බැරි වුනා.

"මට නම් කන්න බෑ” කියලා එයා කන්න ගත්තහම, ඒකෙන් වැඩි හරියක් ගිලලා දාන්න බැරි වුණා. අම්මිගේ ආදර කතාව අසම්පුර්ණයි චූටි දූ. දැන් අම්මිත් අසම්පූර්ණයි.

ඔයා හිතන්නේ මම විතරයි කියලද මෙහෙම ලෝක දෙකක් අතර හිර වෙලා ඉන්නේ කියලා. නෑ චුටි දූ... දහසක් අය තමන් ආදරය කරන අය අත් ඇර ගන්න බැරුව දූක් වෙනවා. සිරුරක් නැතුව, ඇස්, කන් නැතුව තමන්ගේම ලෝකෙක හිර වෙලා අසරණව ඉන්නවා. අපි අපිටවත් කතා කර ගන්න බැහැ. ආදරණීයන් වටේ දැවටී දැවටී එයාල දිහා බල බලා අපි කාලය ගෙවනවා.

ISBN
9786245717651
පිටු ගණන (Pages)
406
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සීත සෙවණැලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.